ඒ හැලෝවීන් රාත්රියයි, දස හැවිරිදි මයිකල් මයර්ස්, හැඩන්ෆීල්ඩවල ඉන්න අහිංසක ඇස් තියෙන ලස්සන කොළු ගැටයෙක්. එදා රෑ මයිකල්ගේ ගෙදර හිටියේ එයාගේ සුළු පියායි, අක්කයි, අක්කගේ පෙම්වතයි, මයිකල්ගෙ නංගියි විතරයි. කාටවත් නොදැන යක්ෂයා බිහිසුණු වැඩකට මයිකල්ව තෝරගෙන තිබුනා. එදා රෑ මයිකල්ගෙන් පණ බේරගත්තේ එක ජීවිතයයි. මානසික රෝහලකට යවපු මයිකල්ව තේරුම් ගත්තේ එකම එක පුද්ගලයයි. ඒ තමයි එයාගේ දොස්තර, මයිකල්ගේ අහිංසක ඇස් පිටිපස්සේ ඉන්න යක්ෂයාව ඔහු දැක්කා. වසර 15කට පස්සෙත් මයිකල් තවමත් ලේ පිපාසාවෙන්, දවසක් එක වැරදීමකින් යක්ෂයා නැවත නිදහස් උනා. ජීවීත ගාණකට වග කියන්න මයිකල් නැවතත් හැඩන්ෆීල්ඩ් වලට සේන්දු උනා. එදත් හැලෝවීන් දවසක්, අධික ශරීර ශක්තියකින් හෙබි, ඝාතක යන්ත්රයක් බඳු ජීවමාන සාතන්ගෙන් හැඩන්ෆීල්ඩ් වාසීන් කෙසේ ගැලවෙයිද ? මේ ලේ පිපාසය කොහොම සන්සිදවෙයිද ? ඔබට එක දෙයක් කියන්නම්, ඒ අහිංසක ඇස්වලට රැවටෙන්නනම් එපා.