Skip to content
සිංහල උපසිරැසි Sinhala Subtitles
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

  • චිත්‍රපටි
    • තෙළිඟු
    • දමිළ
    • ඉංග්‍රීසි
    • මලයාලම්
    • හින්දි
  • රූපවාහිණී කතාමාලා
    • Under The Dome
      • Under The Dome Season 4
  • DMCA
  • Contact Us
සිංහල උපසිරැසි Sinhala Subtitles

විදේශීය චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්

Thinkalazhcha Nishchayam (2021) Sinhala Subtitles | සුජාගේ ගිවිසගැනීම සඳුදට! [සිංහල උපසිරසි]

,

මේ කතාවට මූලික වෙන්නේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවක්. අපේ රටේ අද වුණත් නාගරිකව කෙසේ වෙතත් ග්‍රාමීයව ගෙදරක මඟුල් ගෙයක්, දානයක්, බණක් පැවැත්වෙනවා නම් නෑදෑයෝ, අසල්වැසියො එකතු වෙනවා. එකිනෙකාට උදව් කරනවා. තමන්ගේ තැනක වගේ ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඕපදූප කතා කරනවා, සතුටු වෙනවා, ඇනුම් පද කියනවා, බැන ගන්නවා මේ විදියට කෝටියක් දේවල් ඒ් වගේ තැනකදි සිද්ධ වෙනවා. ඒ විදියටම ‌මේ චිත්‍රපටියේ විජයන්ගේ දුවගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයත් රස සාගරයක්. මිනිත්තු 108 ක් අපිටත් මේ උත්සවයේ අසිරිය විඳ ගන්න පුළුවන් වෙනවා‍.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්. කුවේට් විජයන් මේ ගෙදර තාත්තා. විජයන්ගේ නෝනා ලලිතා, සුරභි ලොකු දුව, සුජා මද්දුමයා, බාලයා සුජිත්. විජයන් කියන වචනෙට ගෙදර හැමෝම යටයි. විජයන් කොච්චර සැර පරුෂ මනුස්සයෙක් වුණත් විජයන්‌ගේ මනාපෙට ලොක්කිට කසාදයක් කරලා දෙන්න නම් බැරි වෙනවා. ලොක්කි හිතුවක්කාරකමට සන්තෝෂ්ව කසාද බඳිනවා. ඒ කාරණාවෙන් නොසෑහෙන්න හිත රිදිලා ඉන්න විජයන් ‌දෙවෙනියාට මනමාලයෙක් කතා කරනවා. මනමාලයා මෝඩ පහේ කොල්ලෙක් වුණාට මොකද වැඩ කරන්නේ සාජා වල. ඉතින් සුජාට කසාදෙන් පස්සේ සැප පහසුවට ඉන්න පුළුවන්නේ. අනික කොල්ලා, සුජාව දැක්ක ගමන් කැමති වෙලා දවස් දෙකක් ඇතුලත ගිවිස ගැනීම කරන්න කටයුතුත් කතා කරනවා. ඒ්ත් මේ කසාදෙට සුජා කැමති වෙයිද? අක්කා හිතුවක්කාරෙට කසාදයක් කරන් තාත්තාගේ හිත රිද්දුවට සුජා එහෙම කරන්නෙ නැති වෙයිද? කතාව බලලම දැන ගමු.

චිත්‍රපටි මලයාලම් Thinkalazhcha Nishchayam (2021) SinhalaThinkalazhcha Nishchayam (2021) Sinhala SubThinkalazhcha Nishchayam (2021) Sinhala SubtitlesThinkalazhcha Nishchayam SinhalaThinkalazhcha Nishchayam Sinhala SubThinkalazhcha Nishchayam Sinhala Subtitles

Post navigation

Previous post
Next post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම උපසිරැසි

  • Parking (2023) Sinhala Subtitles
  • Animal (2023) Sinhala Subtitles
  • Hi Nanna (2023) Sinhala Subtitles
  • Brave Citizen (2023) Sinhala Subtitles | නිර්භීත පුරවැසියා | සිංහල උපසිරැසි සමඟ
  • Adiyae (2023) Sinhala Subtitles | කාලය හරහා ඇය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

Categories

  • 18+
  • Uncategorized
  • Under The Dome
  • Under The Dome Season 4
  • අභිරහස්
  • ආද‍ර කතා
  • ඇනිමේෂන්
  • ඉංග්‍රීසි
  • කොමඩි
  • කොරියානු
  • ක්‍රියාදාම
  • චිත්‍රපටි
  • චීන
  • ජපන්
  • ජපන්
  • තෙළිඟු
  • ත්‍රාසජනක
  • දමිළ
  • මලයාලම්
  • රූපවාහිණී කතාමාලා
  • වෙනත් භාෂා
  • හින්දි
  • හොල්මන්
©2023 සිංහල උපසිරැසි Sinhala Subtitles | WordPress Theme by SuperbThemes