කවුද මේ යකුසා (Yakuza) කියන්නේ ?
“ගොකුඩා” ලෙසද ජපානයේ හැඳින්වෙන “යකුසා” සංවිධානය ලොව බලවත්ම මැර කල්ලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. 17 වන ශතවර්ෂයේදී ජපානයේ ආරම්භ උන මේ සංවිධානාත්මක කල්ලියට 1960දී සාමාජිකයන් 200,000කට වඩා සිටියත් එම ගණන සීග්‍රයෙන් පහත බැස අද වන විට සමාජිකයන් 25,000කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරනවා. මේ කල්ලියේ ඇති දැඩි නීතී රීතී, ඔවුන්ටම ආවේනික පච්ච කෙටීම් සහ බිහිසුණු සංවිධානාත්මක ශක්තිය නිසා මොවුන් අතිශය භයානක සංවිධානයක් වනවා. මේ යකුසා සංවිධානය ප්‍රධාන වශයෙන් තවත් කල්ලි 3කට බෙදෙනවා
1. යමාගුචි – ගුමි (Yamaguchi-gumi)
2. සුමියෝෂි-කායි (Sumiyoshi-kai)
3. ඉනගාවා -කායි (Inagawa-kai)
මේ අතරින් යමාගුචි – ගුමි (Yamaguchi-gumi) කල්ලිය, යකුසා සංවිධානයේ විශාලතම කල්ලිය ලෙස සැලකෙනවා. මේ යකුසා සාමාජිකයන් ආත්ම ගරුත්වය, ගෞරවය සහ පක්ෂපාතිත්වය ගැන දැඩිව සැලකිලිමත් වන අතර සංවිධානයට ද්‍රෝහී වන්නන්ට බිහිසුණු දඩුවම් දීමට මොවුන් කිසි විටෙකත් මැලි වෙන්නේ නෑ. සාමාජිකයෙක් අතින් වැරදීමක් සිදු උනොත් එම වරදට පසුතැවිලි වෙන බව පෙන්විමට ඔහුට තම සුළැගිල්ල කපා දැමීමට සිදු වෙනවා. මොවුන්ගේ ජනප්‍රියම ආයුධය වනුයේ කටානා අසිපතයි. ඊට අතරව ලෝකයේ ඇති සියළුම නවීන අවි ආයුධ වලින් යකුසා සංවිධානය සමන්විතයි.