කතාව ගැන කිව්වොත්, පූජා කියන්නේ අවුරුදු 28 ක ලස්සන කෙල්ලෙක්. මෙයාගේ හිතේ තියෙන රහසක් කියන්න, පූජා දවසක් හැන්දෑවක තමන්ගේ යාළුවා කවිතාව හොයාගෙන කවිතාගේ ගෙදර යනවා. ඒත් පූජාට කවිතා මුණ ගැහෙන්නේ නෑ. කවිතා ප්රදර්ශනයක් පවත්වන්න පූනේ ගියා කියලා කවිතාගේ මහත්තයා රවී ඛන්නා පූජාට කිව්වම පූජා තීරණය කරනවා පහුවදාට පූනේ ගිහින් කවිතාව මුණ ගැහෙන්න. එදා කවිතාගේ ගෙදර නතර වෙන පූජා පහුවදා කවිතාව මුණ ගැහෙන්න යන්න ලෑස්ති වෙන අතරේ කවිතා ප්රදර්ශනය නතර කරලා ගෙදර එනවා. හදිස්සියෙම ගෙදර ආපු කවිතා පඩිපෙළකින් වැටිලා කෝමා තත්වෙකට පත්වෙනවා. එතකොට පූජාට කවිතාව මුණ ගැහෙනවාද? කවිතාට මොකද උනේ කියලා දැනගන්නවාද? කොහෙත්ම නෑ. මොකද ඒ වෙද්දිත් පූජා මේ ලෝකේ අත ඇරලා ගිහින් ඉවරයි. පූජාගේ මළ සිරුර දුර කන්දක මුදුනේ තිබිලා හමුවෙනවා. ඇත්තටම මෙයාලට මොකද උනේ? කාට හරි මේ අභිරහස විසදන්න පුළුවන් වෙයිද කියලා චිත්රපටිය බලලම දැන ගන්න.
සයිලන්ස් : කැන් යූ හියර් ඉට්? (2021) Sinhala Subtitles | මේ නිහඬ බව බිඳින්න…. [සිංහල උපසිරසි]