තාත්තා කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා, තමන්ගෙ පුතා ගැන ප්‍රශ්නයක් අරගෙන. මේ තාත්තා කියපු විදිහට එයාගෙ පුතා, සන්තෝශ් සෙක්ස් වලට ඇබ්බැහි වුන කෙනෙක්. ප්‍රශ්න අහන එක කොහොමත් පොඩි අයගෙ හැටිනෙ. ඒත් එයාට තිබුනෙ විශය සම්බන්ද ප්‍රශ්න එහෙම නම් නෙවෙයි. අවයව සම්බන්ද ප්‍රශ්න. බ්ලූ ෆිල්ම් බලනවා. ගණිකාවො ලගට යනවා. මේව බලන් ඉන්න බැරි නිසා මේ තාත්තා තමන්ගෙ පුතාව කසාද බන්දල දෙනවා. ඒත් කසාද බැඳල ටික දවසකින් මේ පුතා, සන්තෝශ්, තව ගෑනියෙක් ගෙදරට ගේනවා. ඒ තාත්තා කියන කතාව.
මේ මනෝවෛද්‍යවරයා පුතාගෙ කතාවත් අහනවා. ඒ කතාව වෙනම විදිහක්.
2007 දි මම හතේ පන්තියෙ හිටියෙ. ඉගෙනුම් වලදියි ක්‍රීඩා වලදියි මම ඉහලින්ම හිටියා. දවසක් දා අපේ ඉස්කෝලෙ පියන් සුබා රාඕ බෙල් එක ගැහුවා. ඒ වෙලාවෙ මගෙ ජීවිතේ සම්පූර්නයෙන්ම වෙනස් වුනා. එදා මගෙ යාලුවා කියපු ඒවා මට සෑහෙන වදයක් උනා. ඉතින් මම මගෙ සැකය නැති කරගන්න මගෙ තාත්තගෙන් ඇහුවා. තාත්තා මට හොඳටම ගැහුවා. මට ඒ වේදනාව අමතක වුනෙත් නෑ. මගෙ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනෙත් නෑ. ඒත් මගෙ ඉගෙනීම් ඔක්කොම බල්ලට ගියා. විභාගෙදි ස්ටේට් රෑන්ක් එකක් ගන්නව වෙනුවට අපේ ජනගහනය තරම් ලොකු රෑන්ක් එකක් තමයි මම ගත්තෙ. වාසනාවට මට කොලේජ් එකට ඇඩ්මිශන් නම් හම්බ උනා. මගෙ පලවෙනි ආදර කතාව පටන් ගත්තෙත් එතෙන්දි තමයි. ඒත් ඒ ආදර කතාවත් ඉක්මනටම ඉවර වුනා. ජොබ් එකට යන්න පටන් ගත්තම තාත්තා මාව කසාද බන්දල දුන්නා. ඒත් එක්කම තමයි මගෙ කරදර ඔක්කොම පටන් ගත්තෙ. ඒත් මගෙ ප්‍රශ්නෙ එහෙමමයි.
මේ ප්‍රශ්නෙ මොකක්ද? තාත්තද පුතාද හරි කියල කතාව බලලම දැනගමු.
ඒක් මිනි කතා (2021) Sinhala Subtitles | පොඩි කතාවක්… [සිංහල උපසිරසි]