සීසන් 1 බලපු අය දැක්කනේ අවසාන සටනින් වෙච්ච තුවාල සම්පූර්ණයෙන් හොඳ උනාට පස්සෙ ටංජිරෝ, ඉනෝසුකේ, සෙනිට්සු තුන්දෙනා අන්තිමට මිනිස්සු 200 ක් ඉන්න කොච්චියකට නගිනවා.ඉතින් මේ තුන් දෙනාට මේ කෝච්චියේ දි දක්ෂම හෂීරා කෙනෙක් වෙන අග්නි හෂීරා රෙන්ගෝකුව මෙයාලට හම්බෙනවා. ඒ විතරක් නෙමේ මේ චිත්රපටයේ ප්රදාන හතුරා වෙන lower level Enmu සහ තව ඩීමන් කෙනෙකුත් ඉන්නව මේ කෝච්චියෙ. මෙයාල හැමෝටම සතුටින් ඉන්න වෙන්නෙ ටික වෙලාවයි මොකද පොඩි වෙලාවක් ඇතුලත මිනිස්සු 40ක් අතුරුදහන් වෙනව. මේක ඉතින් අනිවාරෙන් ඩීමන් කෙනෙක්ගෙ වැඩක් කියල එයාල දැන ගන්නව.ඉතින් ටංජිරෝයි යාලුවො දෙන්නයි රෙන්ගෝකු එක්ක එකතු වෙලා කෝච්චියේ ඉන්න ඩීමන්ලව විනාශ කරන්න පුලුවන් වෙයිද?
ටංජිරෝට ඉස්සරහට මොනව වෙයිද? මෙයාලට මේ කෝච්චියෙ ඉන්න ඩීමන්ලව පරද්දන්න පුලුවන් වෙයිද? අග්නි හෂීරා රෙන්ගෝකුට මොනව වෙයිද? කියල දැන ගන්න ඔයාලට මේ චිත්රපටය බලන්නම වෙනවා. වාර්තා පිට වාර්තා තියපු චිත්රපටයක් මේක. මේ චිත්රපටයේ අවසානෙට ඇස් කදුලෙන් පිරෙන්න තරම් හැගීම්බරයි වගේම ඇගේ හිරිගඩු පිපෙන විදිහෙ සුපිරිම සටන් කිහිපයකුත් තියෙනවා.
ඩීමන් ස්ලේයර්: මූගන් ට්රේන් (2020) Sinhala Subtitles | අනන්ත දුම්රිය. [සිංහල උපසිරසි]