මේ ගැන තවදුරටත් හැඳින්වීමක් කරනවනම් මේ චිත්‍රපට වලට පාදක වෙන්නෙ ජර්මානු ජාතික මයිකල් එන්ඩ් (Michael Ende) මහතා විසින් 1960 දී රචිත Jim Button ප්‍රබන්ධ කතා පොත්.මෙහි පළමු චිත්‍රපටයෙන් කථාව සාර්ථකව අවසාන කරත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා යහපත් මට්ටමෙන් ලැබුන නිසා අදහසකට පමණක් සීමා වෙලා තිබුණ මේ දෙවන චිත්‍රපටයත් රූගත කිරීම් ඇරඹුවා.මේ දෙවන චිත්‍රපටය 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 1 වෙනිදා ජර්මනියෙදි [Jim Knopf und die Wilde 13 (German)] කියන නමින් තමයි මුලින්ම එළිදැක්වුනෙ. වැඩි විස්තර කියනවනම්…
පලවෙනි චිත්‍රපටයේ මතකෙත් එක්ක කතාව පැත්තට හැරෙමුකො….
අපි පළවෙනි චිත්‍රපටයෙදි දැක්කනෙ ජිම්,ලූක් දෙන්නා මකර නගරයට (කුමර්ලන්තයට) ගිහින් වයිල්ඩ් 13 විසින් පැහැරගෙන විකුණපු මැන්ඩලා අධිරාජ්‍යයාගේ දියණිය වන ලී සි කුමරිය යි අනිත් ළමයින්වයි බේරගෙන ආයෙත් මැන්ඩලා වලට අරන් එන වික්‍රමාන්විතය.ඒ යන අතර මගදි ඒ දෙන්නට නේපොමුක් සහ ටොර් ටොර් කියලා යාළුවො දෙන්නෙකුත් මුණගැහුනා වගේම උදව් කරා මතක ඇතිනෙ.ඉතිං දෙවැනි චිත්‍රපටය පටන් ගන්නෙත් අපේ කතාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන ලුමර්ලන්තයෙන්ම තමා.මේ වෙද්දි ටික කලක් ගතවෙලා.ජිම් ඉන්නෙ ලොකු කණගාටුවකින් තමන්ගෙ දෙමාපියන් කවුද කියලා නොදැන.ඒ වගේම තමයි මොකක්ද මේ ළමුන් පැහැරගන්න වයිල්ඩ් 13 හා තමා අතර තියෙන සම්බන්ධය කියලා ජිම්ට ලොකු ගැටලුවක් තියෙනවා.ඉතිං මෙහෙම ඉන්න අතරෙ අහම්බෙන් වගේ මෙයාලට තවත් ත්‍රාසජනක ගමනක් යන්න සිද්ධවෙනවා…ඉතිං මෙතනින් එහාට විස්තර කිරීමක් නෑ.. ඔයාලම චිත්‍රපටය රසවිඳින්නකො.