කතාව ගොනු වෙලා තියෙන්නේ සමාජයේ ජීවත්වන නානාප්‍රකාර මිනිසුන්ගේ ජීවන රටාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ම එකිනෙකා කෙරෙහි බලපාන ආකාරයන් ගැනයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක Chimbu Deven එවැනි පුද්ගලයන් 6 කගේ ජීවිත කතාවන් එකිනෙකා කෙරෙහි බලපාන ආකාරය මනාව පිළිබිඹු කරල තියෙනව බලාගන්න පුළුවන්. වැන්ටේජ් පොයින්ට් න්‍යාය හා බටර්ෆ්ලයි ඉෆෙක්ට් යනුවෙන් න්‍යායන් දෙකක් ඔස්සේ නිරූපණය වෙනවා. ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වන පුද්ගලයින් 6 දෙනා වන බාලා, අයිසැක්, කන්දා, කිෂ්, සුන්දරී, සම්යුක්තන් යන අයවලුන්ගේ ජීවිතයන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය කොහොමද කියල ඔයාලට දකින්න පුලුවන්.
