අරිවුයි අන්බුයි, අයිය මලෝ. මල්ලි පොඩි කාලේ ඉදලම දඟයා, අයියට කවුරු හරි ගැහැව්වොත් ඒකට මල්ලි තමයි රිටන් එක දෙන්නෙ. කාලයත් එක්ක වැඩිවියට පැමිණිලා අයියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රස්සාවක් කරගෙන ගියා ගමේම කාර්යාලයක. අරිවු චෙන්නෙයි වල අයි.ටී. සමාගමක රස්සාවක් කළේ. අම්මගෙ වැඩේ වුණේ මේ දෙන්නව බන්දල දීල නිදහස් වෙන්න. අන්බුට මනාලියෝ බැලුවත් අන්බු එකකටවත් කැමති වෙන්නෙ නෑ, මොකද අන්බු ආදරේ කරපු කෙල්ලට වෙන කෙනෙක්ව බැදගන්න සිද්දවුණ එකට අන්බු කළකිරීමෙන් හිටියෙ. ඒකට හේතුව වුණෙත් මල්ලි කෙනෙක් එක්ක ගහගෙන පොලිසි ගිහින් එයාව බේරගන්න සිද්දවුණ නිසා. මේ සිද්ධිය නිසා අන්බු මල්ලි එක්ක වැඩි හිත හොදකින් නෙමෙයි හිටියෙත්. කොහොම හරි අම්මගෙ පෙරැත්තය නිසාම අන්බු කසාදයක් කරගන්න කැමති වෙනවා. අම්මා සන්තොසයෙන් අරිවුටත් එන්න කියනව මංගල්‍යයට කලින්. ගෙදර ඇවිල්ල බලපුවාම තාත්තා පැත්තක අයියා පැත්තක මූණෙ තැලීම් එක්ක, මොකද කියල අහල බලද්දි අයියගෙ කසාදය නැවතිල මනාලිගෙ අයියා මෙයාට ගහපු එකට තමයි මූණත් තැලිල තිබ්බේ. පහුවදාම අරිවු අයියට ගහපු කෙනාව හොයාගෙන ගිහින් නෙලල එනව. මේ ගැන අයියයි මල්ලි බැනගෙන අරිවු චෙන්නෙයි යන්න පිටත් වෙනව. පස්සෙන් යාළුවෝ දෙන්න ඇවිත් නවත්තන්න බැලුවත් අරිවු නවතින්නෙ නෑ. හදිස්සියේම දකිනව අරිවු ගමට ආපු දවසෙ බස් නැවතුමේදි අරිවුට බැනගෙන බැනගෙන ගිය කෙල්ලව. ඉතින් කොහොමින් හරි මේ කෙල්ල නිසා අරිවු ආපහු ගෙදර යනව. ඊට පස්සෙ අරිවු යාළුවෝ දෙන්නත් එක්ක අයියගෙ කසාදය නවතින්න හේතුව හොයන්න පටන් ගන්නව.
Sarbath (2021) Sinhala Subtitles | Upasiresi.com