Ajeeb Daastaans එලියට බහින්නේ 2021 අප්‍රේල් මාසේ 16 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. එකිනෙකට වෙනස් කතා 4කින් සමන්විත මේ චිත්‍රපටියට අධ්‍යක්ෂකවරුන් සිව්කට්ටුවක් සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටියේ නිෂ්පාදනය සිදු වෙලා තියෙන්නේ කරන් ජොහාර් ප්රමුඛ Dharma Productions විසින්. නිකුත්වෙලා සතියක් සම්පූර්ණ වෙන අද දවස වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර මැද මේ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් සටහන් කරගෙනත් තියෙනවා. Romance|Drama ගණයට අයිති වෙන මේ චිත්‍රපටිය තමන්ගේ මේ අමුතු කතන්දර හතර හෝරා 2කුත් මිනිත්තු 22ක් දක්වා විහිදුවනවා.
අධ්‍යක්ෂකවරුන් 4දෙනෙක් අතින් නිමවුණු අමුතු කතා 4ක්.
මේ, අමුතුම ගමනාන්තයන් 4ක්.
වෙනස්ම අත්දැකීම් 4ක්.
Ajeeb Daastaans (2021) Sinhala Subtitles | අසම්මතයේ අමුතු කතා..!! [සිංහල උපසිරසි]