වික් බෙකට් කියන්නෙ හාවඩ් සරසවියෙ ඉන්න අතිදක්ෂ පයේෂක ශිෂ්‍යයෙක්. එයාගෙ අරමුණ තමයි යහපත් ලෝකයක් නිර්මාණය කිරීම. එතනදි එයා තෝරගන්නෙ මිනිසුන්ට යහපත් හැඟීම් ආරෝපණය කිරීමේ මාර්ගය. ඉතිං එයා ඒ සම්බන්ධව පරීක්ෂණ පටන්ගන්නවා එයාගෙ හොඳම යාළුවා උන හෙන්රිත් එක්ක. හැබැයි මේ පරීක්ෂණ බලධාරීන් අවසර නොදුන් ඒවා. අන්තිමේ මෙයාලව පරීක්ෂණ අතරතුරේදි අහුවෙනවා. ඒකෙ ප්රථිඵලය වෙන්නෙ එයාලව විශ්වවිද්‍යාලයෙන් අස්කරන එක. ඒ වෙද්දිත් සාර්ථකත්වය ආසන්නයේ තිබ්බ පරීක්ෂණය ඉදිරියට කරගෙන යන්න මාර්ගයක් පෑදෙනවා. මට කියන්න අමතක උනානෙ. ඔහුගෙ සොයාගැනීම තමයි ආදරයක් අඩුවෙන් ලැබූ හෝ නොලැබූ, දුකින් ඉන්නා අයට වෙන කෙනෙකුගේ සිතේ තිබෙන ප්‍රීතිය සතුට ජංගම දුරකතන යෙදුමක් මඟින් සම්ප්‍රේෂණය කිරීම. ඔවුන් ඒකට නම තියන්නෙ සතර බඹ විහරණ වලින් එකක් වන “මුදිතා” හෙවත් පරම සන්තුෂ්ටිය යන නමින්. කොහොමහරි පස්සෙ මෙයාලගෙ මේ වැඩේ ගැන මුළු ලෝකයම කතා කරන්න පටන් ගන්නවා. එක් එක් අයගෙ මතවාද වලට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම තාක්ෂණික ගැටළු වගයක් පැණනැගෙනවා. වික්ට ඕනෙ මොනම දෙයක් හරි කරලා මේක සාර්ථකත්වයට පත් කරන්න. ඉතිං එයා ඒ වෙනුවෙන් මොනවද කරන්නෙ? ඒක සාර්ථක වෙනවද? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්නනම් මේක බලන්නම වෙනවා.
Algorithm: Bliss (2020) Sinhala Subtitles | වියරු විද්‍යාඥයා [සිංහල උපසිරසි]