විසල් මන්දිරයක සිටින,
අම්මයි තාත්තයි දුවයි…
පසලොස්වක පෝය දාක, රෑට කෑම කාලා
නිදාගත්තට පස්සේ…
එක පාරටම මැරෙනවා.
ඊට පස්සේ ඒගොල්ලන්ට දැක ගන්න ලැබෙන්නේ
ඒ මන්දිරය හොල්මන් වලින් පිරුනු මන්දිරයක්.
නිකන්ම හොල්මන් නෙවෙයි,
එයාලගෙ මුලු පරම්පරාවම.
ඉතින් මැරුනේ කොහොමද කියලා
හොයල බලද්දි කෝකියාගෙන්
උත්තරයක් ලැබෙනවා.
මේ මන්දිරයෙ මම ඉස්සර
හිටපු හොඳ කෝකියෙක්.
මම උයන්න හරි ආසයි.
එක පුර හද දවසක රෑ
මම ඔයගොල්ලන්ගෙ පවුලෙ
ඔක්කොම අයට රසම රස කෑම වේලක් හැදුවා.
කාලා හැමෝම මැරුනා.
මැරුනට පස්සෙ කාටවත්
කිසිම දෙයක් මතක නෑ.
කවුද වහ දැම්මෙ කියලා දන්නෙත් නෑ.
මාත් මැරුන නිසා ඒක මම දන්නෙත් නෑ.
ඊට පස්සේ මේ ගෙදර හොල්මනක්
වෙලා ඉද්දි දෙයක් හොයාගත්තා.
හැම පසලොස්වක දවසකටම,
මට අමුතු බලයක් ලැබෙනවා.
ඒ බලයෙන්, උයන්න එන
කෙනාගෙ ඇඟට මම ඇතුල් වෙනවා
මම උයන දේවල් කන කට්ටිය මැරෙනවා.
ඔය විදිහටම 1960 දි…
ඔයාගෙ අම්මා උයන්න ආවා.
සුදුළූනු තලනකොට මම ඔයාගේ
අම්මාගේ ඇඟට ඇතුල් වුනා.
අන්න එතකොටයි මම දැනගත්තෙ
මම උයන කෑම කාලා කවුද පණපිටින් ඉන්නේ…
ඒ කෙනාට විතරයි මේ මන්දිරයෙන්
අපිව එළියට අරන් යන්න පුළුවන් වෙන්නේ!
ඉතින් බලමු මේ කට්ටියට මන්දිරයෙන් නිදහස් වෙලා යන්න පුලුවන් වෙයිද කියලා.