ඉතින් කතාව ගැන කිව්වොත් ඇන්තනී මැකෝයි කියන්නෙ චිත්ර ශිල්පියෙක්. එයාගෙ චිත්රත් විශිෂ්ඨයි. ඒත් එයා අවුරුදු දෙකකින් විතර මුකුත් ඇදල නෑ. ඉතින් මෙයා චිත්රයක් අදින්න අදහසක් හොය හොය ඉද්දි මෙයාට කැබ්රිනී ග්රීනි වල ජනප්රවාදයක් වන කැන්ඩිමෑන් ගැන දැන ගන්න ලැබෙනවා. ඉතින් කැන්ඩිමෑන් ගැන හොයද්දි මෙයා දැන ගන්නව කැන්ඩිමෑන් කියන්නෙ ශර්මන් කියල මනුස්සයෙක්. එයා කරන්නෙ ලමයින්ට ටොෆී වගේ පැනිරස ජාති දෙන එක. දවසක් ටොෆී වල බ්ලේඩ් තල තිබිල අහුවෙලා පොලීසියෙන් එයාව ගහල මරණවා. ඊට පස්සෙ දිගින් දිගටම ටොෆී වලින් බ්ලේඩ් තල හම්බෙලා තියෙනව එතකොටයි ශර්මන් අහිංසකයෙක් කියල දැන ගන්නෙ. කොහොම හරි එදා ඉදන් එයා කැන්ඩිමෑන් වෙලා මිනිස්සු මරන්න අරගන්නවා. ඒකට කරන්න තියෙන්නෙ කන්නාඩියක් දිහා බලන් එයාගෙ නම පස් පාරක් කියන්න විතරයි එතකොට එයා මතු වෙලා ඔබව මරනවා. ඉතින් ඕකයි කැන්ඩිමෑන්ගෙ කතාව.