මේක 2027 අවුරුද්ද. හදිසියෙම නරගරයෙම විදුලිය බිඳ වැටීමක් වුණා. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය නඩත්තු සේවකයෙක් වුණ මනී මේ විදුලි බිඳවැටීම ගැන සෝදිසි කරන්න මානසික රෝහලකට යනවා. මනී ඒ ගැන සෝදිසි කරගෙන සංඥා එන දිහාවට යද්දි, සංඥා එන්නෙ කැඩිච්ච කාර් එකක් පැත්තෙන්. කාර් එකේ ඩිකියේ ‘ඩිකිලෝනා’ කියලා ගහලත් තියෙනවා. කාර් එකේ ඩිකිය ඇතුලෙ කෙනෙක් ඉන්නව දැකල මනී ඩිකිය අරිනවා. ඩිකිය ඇතුලෙ උමඟක්. මනී උමඟෙන් ගිහින් කාමරයකට ඇතුල් වෙනවා. ගිහින් බලද්දි ඒ කාමරය ඇතුලෙ කෝට් ඇඳගත්ත මිනිස්සු ටිකක් ඉන්නවා. මේ කාමරේ මැද්දෙ විශාල දොරක් තියෙන යන්ත්‍රයක්. මේ විද්‍යාඥයින් පිරිසක්. එයාලා කාල යන්ත්‍රයක් ගැන පරීක්ෂණයක් කරමින් ඉන්නෙ. තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන මේ යන්ත්‍රය මනී නිසාම ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතනට ප්‍රබල කෙනෙක් සම්ප්‍රාප්ත වෙනවා. කාල තරණය කරන්න පුළුවන් තැනට මේ ප්‍රබලයා යන්ත්‍රය නිර්මාණය කරනවා. කාලය ආපස්සට යන්න පුළුවන් කියලා හිතද්දි මනීට අවුරුදු ගාණක් හිතට වද දෙන ප්‍රශ්නයක් තමයි එයාගේ කසාදේ. මනී හිතනවා කොහොම හරි 2020ට ගිහින් එයාගේ කසාදය නවත්වන්න ඕනේ කියලා. මනී කොහොම හරි මේ ප්‍රබලයගෙ උදව්වුවෙන් කාලය ආපස්සට ගියාද කියලයි මේකේ ඉතිරි කතාව. බලාගෙන! කතා අහද්දි පරිස්සමින්. කතා අහන්න ගියහම කියන්නෙ කවුද? ඉන්න තැන මොකක්ද කියලත් දන්නෙ නැහැ. ඩිකිලෝනා(ආපස්සට) ගිහින් බලන්නකෝ!”