මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙය 1959 වර්ෂයේ දී තිරගතවූ සිනමාපටයකි. මෙය ශම්මි කපූර් සමඟ රඟපාන ආශා පාරේක්ගේ ආරම්භක සිනමාපටයක් විය. මෙහි කතා සාරාංශය අනුව යහපත් ජීවිතයක් ගත කරන රානා රගුවීර් සහ යමුණා දේවි යුවලට රූප් නම් පුතෙක් සිටියි. මේ අතර ඔවුන්ගේ සේවකයෙක් වන හරිචාන්ද්ගේ බිරිඳ හදිසියේ මියයන නිසා ඔහුගේ පුතා වන කයිලාෂ්ව හදා වඩා ගැනීමට යමුණා දේවි යුවල භාර ගනී. නමුත් වංචනිකයෙක් වන හරිචාන්ද් නාගීනා නම් කාන්තාවක් සමඟ සම්බන්ධයක් ඇති කර ගනී. ඇයටත් මීට පෙර විවාහයකින් චන්ද්‍රා නම් පුතෙක් සිටියි. පසුව හරිචාන්ද් විසින් බොරුවක් ගොතා යමුණා දේවියගේ පවුල භේද කරවයි. එහිදී රානා රගුවීර්, රූප් පුතා සමඟ නිවස හැර ගොස් දුෂ්කර ජීවිතයක් ගත කරද්දී අනතුරකින් ඔහු අන්ධභාවයට පත්වේ. පසු කාලීනව යමුණා දේවි ළඟ සිටින හරිචාන්ද්ගේ පුතා වන කයිලාෂ්ට, ධනවත් ව්‍යාපාරිකයෙක් වන ජගත් නාරායන්ගේ එකම දියණිය වන නීතාව යෝජනා වේ. මේ අතර යමුණා දේවිගේ පුතා වන රූප්, රාජා ලෙස නම වෙනස් කරගෙන සමාජ ශාලාවක ගායකයෙක් ලෙස රැකියාව කරයි. ඒ තුළදී හමුවන නීතා සමඟ රාජාගේ ආදර සම්බන්ධතාවයක් ඇතිවේ. මෙලෙස ගලාගෙන යන කතාව තුළ පසුව නොයෙක් ගැටළු ඇතිවේ. ඒවා නරඹන්නට ඔබට ආරාධනා කරමි. මෙහි ජනප්‍රිය ගීත කීපයක්ම ඇත.