කථාව ගත්තම ලස්සනට බෙදාගෙන තියෙනවා. වෙනද වගේ චිත්රපටය පුරාම සිංදු නෑ..පැය දෙක හමාරක් දිවෙන මේ චිත්රපටයේ පළවෙනි පැය භාගෙ ඇතුලේ එක ළගම වගේ සිංදු 2කක්ම දාලා තියෙනව.ඒ කියන්නේ ඔයාලට කථාව තමයි වැඩි හරියක් තියෙන්නේ. ආයෙ එන්ඩින් එකේ සිංදුවක් තියෙනවා. ආසාවෙන්ම බලන්න ඉන්න සිංදුව ආරම්භයේදීම දීලා තියෙනවා.
ඩොක්ටර් කවුද කියලා දන්නවනේ… ඉතිං අපෙ ඩොකාගෙ නම වරුන්.. පොර හිනාවක් මුකුත් එහෙම වැඩිය නෑ..ඩීසන්ට් එකේ ඉන්න පොරක්.. ඩොක්ටර් කසාදෙ බලන්න ගිය තැනින් මං අරඹන්නම්.. මනමාලි තමයි අපෙ නිලිය ප්රියංකා.. කොහොම වුනත් කෙල්ල වරුන් ට කැමති වෙන්නෙ නෑ.. හේතුව????? ඔයාලම බලන්න.. ඩොකා මොන වගේද කියලා තේරෙයි.. ඔහොම කතාව යද්දි, මේ මනමාලිගෙ ගෙදර, බාල දුව ස්කෝලෙ ගියත් ආයෙම ගෙදර ආවෙ නෑ. ස්කොලේවත් කොහෙවත් හොයාගන්නත් නැතිවෙනවා. හැමෝම කලබල වෙන්න ගන්නවා.. පස්සෙ ඩොක්ටර් එක්කම හැම තැනකටම යනවා, පොළීසි, පාසල්.. කොහෙන්වත් වැඩක් නම් වෙන්නෙ නෑ..
අවසානෙ ඩොකා ස්වයං සැලැස්මකට යනවා… මේ ළමයව බේරගන්න කියලා. මේ අතරෙ පොළීසියෙනුත් කෙනෙක්
පත් කරනවා, ගෙදරට කප්පම් ඉල්ලලා, තර්ජනේ කරලා එහෙම කෝල් ආවොත් ට්රැක් කරන්න කියලා. පොර තමා පොර.හොරා පොළිස් තමා. යෝගි බාබු ඉන්නෙ කිඩ්නැපර් කෙනෙක්ට.. ඉතිං මුලින්ම ඩොකා පාසල අවට හිටපු කිඩ්නැපර්ලා සෙට් එකක් පොළිස් කාරයගෙ උදව් ඇතිව හොයන්, වකුගඩු ගලෝනවා.. ගැම්මක් තමයි.. ගලවලා තමයි කථාව පටන් ගන්නේ. අවසානෙ ඒකත් පැහැදිලි කරනවා.