එඩක්කාඩු කියන්නේ කෝලිකට් වල තියෙන එක් ගම්මානයක්. ඒත් යම් පිරිසකට එඩක්කාඩු කියන්නෙ ගමකට එහා ගිය එක්තරා කාල පරිච්ඡේදයක්. නැතිනම් ඔවුන්ගේ ජීවිතෙ කොටසක්. ඒ ඇයි කියලා තමයි මේ කථාව ඇරඹෙන්නේ. ෂෆීක් කියන්නේ හමුදා සෙබළෙක්.. මොහු ගමට එන්නෙ ඉතා අඩුවෙන් තමයි. එක් වතාවක් ගමට එනකොට ගමේ තරුණ ළමයි “මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි” වෙලා ඉන්නවා කියලා දකිනවා.. මෙය නැවැත්වීමට හුගක් ප්රයත්න දරලා අවසානේ ඒ ළමයිව හතුරන් කර ගන්නවා..
එඩක්කාඩු ගමේ ගුරුවරියක් හා ආලෙන් බැදෙන මේ හමුදා සෙබලා, නිවාඩුව ඉවර වෙලා නැවතත් කදවුරට යනවා. මංගල සීනු නාද වන ඔවුන්ගේ විවාහයට කළු අඳුරක් පැමිණෙන්නේ “ඉහත කී මතට ඇබ්බැහි වූවන්” ලෙසින්. ඉතිං ෂෆීක්ව මරන්න පිහියකුත් අරන් එක් අයෙක් යනවා..ඔහු අත වූ පිහිය එකපාර බිම වැටෙන්නේ ඔහුටත් නොදැනීමයි.. මොකද වුනේ කියලා ඔයාලම බලන්න