ඒ වගේම මේ ෆිල්ම් එක හදන්නෙ Matthew Logelin කියන කතුවරයා තමන්ගෙ ජීවිතේ මුහුණ දුන්න සත්‍ය සිදුවීම් අලලා ලිව්ව Two Kisses for Maddy: A Memoir of Loss and Love යන පොත පදනම් කරගෙන. Matthew Logelin (kevin hart) තමන්ගෙ දුවව තනියම හදාගන්න දරන වෑයම තමා කතාවෙ සිද්දිය. ලොකුවට මං විස්තර කියන්නෙ නෑ කිව්වම රහ නැති වෙනවනේ. තාත්ත කෙනෙක්ට තනියම දරුවෙක් හදාගන්න තියන අමාරුව, එතකොට එන ප්‍රශ්න ඔක්කොම මේ ෆිල්ම් එකෙන් අපිට දැක ගන්න පුළුවන්. කොමඩි සීන් එකේ ඉන්න kevin hart උනත් මේ චරිතෙට සුපිරිම සාධාරණයක් කරල තියනව කියල ෆිලුම බැලුවම ඔයාලට තේරෙයි. ඒකෙන් අදහස් කරන්නෙ කොමඩි නෑ කියන එක නෙවෙයි හොඳේ.