මුලින්ම කතාව ගැන කිව්වොත්, ප්රධාන චරිතය විදියට ගැනෙන්නේ Guy කියලා කෙනෙක්. මේ කෙනාට ගයි කියලා නම දීලා තියෙන්නේ එයා කතාවේ ප්රධාන චරිතය වුනත් කතාවට මූලික වෙන ඔන්ලයින් වීඩියෝ ක්රීඩාවේ කිසිම වැදගම්මකට නැති චරිතයක් නිසා. ගයි කියන වචනයේම තේරුම පිරිමි කෙනෙක් හඳුන්වන්න ඉංග්රීසි භාෂාවේ භාවිතා වෙන සර්වනාම පදයක්. ඒ වගේම යාලුවා කියන අර්ථය ඇති විදියටත් මේ වචනය බාවිතා වෙනවා. ඉතිං සිංහලෙන් කොල්ලා, හාදයා, යාලුවා වගේ වචන වලින් හඳුන්වන්න පුළුවන් මේ කොලු ප්රධාන චරිතය අපි GTA වගේ ගේම් වලදී පාරේ වාහන වලින් හප්පගෙන යන, කම්මැලි හිතුනු වෙලාවට හතර වටේට වෙඩි තියලා මරලා දාන ජාතියේ වැදගැම්මකට නැති චරිතයක්. ඉතිං ගොඩක් වීඩියෝ ක්රීඩා කරන අය මේ වගේ චරිත උන්නත් දාහයි මලත් දාහයි ගාණට දාලා තමයි අදාල ක්රීඩාව සිද්ධ කරගෙන යන්නේ. ඉතිං මේ කතාව හදලා තියෙන්නේ වීඩියෝ ක්රිඩාව කරන ක්රීඩකයෙක් මූලික කරගෙන නෙමෙයි. හැබැයි එහෙම හදපු චිත්රපටයක් තමයි Ready Player One කියන්නේ. මේක තරමක් Tron චිත්රපටයත් Ready Player One චිත්රපටයත් එකට එකතුවුනු ගුණාංග තියෙන මේ කතාවටම කියලා ආවේණික වෙනස්ම විදියේ ලොකු කොටසක් අලුතෙන්ම එකතුවුනු නිර්මාණයක්. ඉතිං මුලින් සඳහන් කරන්න ගියේ මේ කතාවට දෘශ්ඨිකෝණයට අරගෙන තියෙන්නේ ලොකු වීඩියෝ ක්රීඩාවක ක්රීඩා නොකර චරිත (NPC = Non Playing Character) ඒ ලෝකය තුල ගත කරන ජීවිතය මොන වගේද කියන එක වගේම, ඒ වීඩියෝ ක්රීඩාව තුල ක්රීඩා කරන ක්රීඩකයෝ එයාලා දකින්නේ මොන විදියටද? ක්රීඩකයෝ නිසා එයාලගේ ජීවිතය මොන වගේ ජීවිතයක් ද? කියන කාරණා ගැනයි.