ජෝශප් කියන්නෙ (Devon Edward Sawa) කැලේ සත්තු දඩයම් කරල තමන්ගෙ පවුල බලාගෙන තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. එයාගෙ නෝන තමා (Camille Sullivan) ඈන්. මෙයාලට දුවෙක් ඉන්නව එයා රෙනී. ඉතින් මෙයාල ජීවත් වෙන්නෙ කැලේ ඇතුලෙ. මේ කැලේ වෘකයෝ ඉන්නව. ඉතින් උන් හැමවෙලේම මෙයාලට වැඩේ දෙන්න තමා බලන් ඉන්නෙ. දවසක් ජෝශප් තීරණය කරනව මේ කරදරෙන් ගැලවෙන්න. එහෙම හිතල පොර යනව වෘකයාට ගේම දෙන්න. ඒත්… මෙයා ඌ පස්සෙ යද්දි හිතා ගන්න බැරි විදියෙ දෙයක් කැලේ ඇතුලෙන් හම්බෙනවා. අන්න එතනින් පස්සෙ මුලු කතාවම කණපිට ගහනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ෆිලුම බලලම දැනගන්නකෝ. අන්තිම වෙනකම් හිතා ගන්න බෑ මොනව වෙයිද කියල.