මං කතාව කෙටියෙන් කියන්නම් වෙනදා වගේ, ගොආ වල හෝටල් අයිතිකරුවෙක් හා හොද සර්ෆින් ක්රීඩකයෙක් වන අප්පු (Pranav Mohanlal) කියාලා කෙනෙක් ඉන්නවා. ඒ වගෙම එයාගෙ තාත්තා බාබා(Manoj K. Jayan) වල හිටපු පරණ මැරයෙක්. ඒ වගේම අහම්බෙන් අප්පුට සායා (Zaya David) කියාල ගෑණු ලමෙක් හම්බෙනවා ක්ලබ් එකක දි. ඉතිං අවසානෙදි එයාගෙ හෝටලයට එයා නතර වෙන්න එනවා. මේ දෙදෙනා අතරින් අප්පුට සායා ගැන ආදරයක් ඇති වෙනවා. ඉතිං පස්සෙ මේකට අකමැති වෙලා සායා හෝටලෙන් යනවා. ඊටපස්සෙ බාබා කියනවා සායව එක්ක ං එන්න කේරලේට යන්න කියාල එහිදි එයා දැනගන්නවා, සායා කන්යා සොයුරියක් වෙලා කියාලා.
ඉතිං ඊටපස්සෙ අප්පු මේක දැනගත්තාම මොක ද කරන්නේ. සායත් එක්ක ආදරය කරන එක නවතාවි ද?. අප්පුට සායගෙ ආදරය දිනා ගන්න හැකි වේවි ද?. ඒක දැනගන්න නම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එක බලන්න.