කුළ මල භේත මතින් ගමන් කරන එක්තරා ගැමි ගම්මානයක්.. ඒකේ ජීවත් වෙනවා බොහොම ආදරණීය ඉතාමත්ම දුප්පත් පවුලක්. එක්තරා දිනක මේ ගමේ ඉහළ පැලැන්තියේ ගෙදරකට නයෙක් වදිනවා. ඉතිං නයා අල්ලන්න, එක්ක එන්නෙ ඉහත කිව්ව දුප්පත් පවුලෙ සැමියා.. සීසීකඩ ගිය රත්‍රං බඩුත් කාමරේ තියෙනවා. කොහොම හරි අන්තිමේ හැම තැනම හොයලා-පෙරලලා නයාව නම් අල්ලගන්නවා. ඒත්, වැඩි දවසක් යන්නත් මත්තෙන් ආයෙම මේ ගෙදරට හොරු පැනලා අර රත්‍රං ටික උස්සනවා.. පොළීසියෙන් එහෙම ඇවිල්ලා ඇඟිලි සළකුණු මත අර දුප්පත් මනුස්සයා අල්ලන් යනවා. මොකද නයා අල්ලන්න ගිය වෙලේ හැම බඩුවක්ම ඇල්ලුව නිසා, ඇඟිලි සලකුණුත් තියෙනවා.
ඉතිං ඔහුගේ වටේ ඉන්න අනික් අයවත් පොළීසියෙන් එක්ක ගිහින් හොඳටම ගහනවා.. පසු පසු වෙන්න බලගෙන ඉන්නත් අපහසු මට්ටමේ දේවල් මේ පොළීසිය විසින් සිදු කරනවා.. කොහොමද කියනවනම්, “විසාරනෙයි” චිත්‍රපටියේ වගේ. කොච්චර ගැහුවත් මොහුන් කියන්නෙම “හොරකම් කලේ නෑ” කියලා නිසා පොළීසිය තව තවත් දරුණු වෙනවා. ඒ වගේම අර පුද්ගලයගෙ නෝනව පවා ගෙනල්ලා වද දෙනවා. ඇත්තටම කියනවනම් ඔහුව ගේන්නත් කලින්ම තමයි මේ බිරිඳට ගහන්නේ. ඇයි කියලා බලන්නකො.
මේ අතරේ නගරෙ, උද්ඝෝෂණයක්.. ඒ පොළිස් කාරයෙක්ගෙන් උණ අකටයුත්තකට කියලා අපිට පෙන්වනවා. මේක ලීඩ් කරන්නෙ නීතීඥ මහත්මයෙක්.. ඒ තමයි අපේ “සූර්යා”. මොන උද්ඝෝෂණේ උනත් මොහු තමන්ගෙ සේවාදායකයින්ගෙ වැඩ ගැනත් බලන කෙනෙක්.. ඔහොම යද්දි මේ නීතීඥයා ළගට එනවා අර බිරිද තම සැමියව හොයලා දෙන්න කියලා.. ඇයි හොයන්න කියන්නේ….? අතුරුදන් ද? ඔව් අතුරුදහන්. පොළීසිය කියනවා “ඔවුන් පැන ගියා” කියලා. ඉතිං මොහු මේ සිද්ධිය මුළ ඉදලා අධ්‍යණය කරන්න ගන්නවා.. ඉතිං අතුරුදහන් වූවන් හම්බවෙයිද? මේ අසරණ ව ගැබකුත් දරන් ඉන්න බිරිඳට සාධාරණේ ඉටුවෙයිද…..ඔවුන්ට සැබෑවටම කුමක් වුණිද කියලා දැනගන්න නම්, මේ “ජයි භීම්” ඔයාලට බලන්නම වෙනවා.