කතාවේ හැටියට පුරාවෘත කතාවක් තියෙනවා. මේ කතාවේ හැටියට ඇම්සෝන් වනයේ තිබෙන පෞරාණික ගසක හැදෙන මල් පෙති යොදාගෙන ඕනෑම රෝගයක් සුව කරන්න පුලුවන්ලු. අපේ කතාවේ ප්රධාන චරිතයක් වෙන ලිලී සහ ඇගේ සහෝදරයා විශ්වාස කරන විදිහට මේ පුරාවෘතය ඇත්තක්. ඉතිං මේ තැනට යන්න පෞරාණීක ඊ හිසක් මේ දෙන්නට හොරකම් කරන්නත් වෙනවා. මොකද ඔවුන්ට ඒ ඊ හිස අයිති සංගමයෙන් ඔවුන්ගේ අදහස පිස්සු එකක් කියලා ඔවුන්ට උදවු කරන්න අකැමැති වෙන නිසා. කොහොම හරි ඊ හිසත් අරගෙන දෙන්නා කඩි මිඩුඉයේ ඇමසෝවලට යනවා. මේ අස්සේ මේ ඊ හිස සහ අර පෞරාණීක ගස හොයාගෙන ජර්මන් අධිරාජ්යයත් මේ දෙන්න පස්සෙ පන්වන්න ගන්නවා. ඉතිං ලිලීට සහ ඇගේ සහෝදරය ඇමසෝන්වලදී හරි අමුතු කපිතාන් කෙනෙක් හමුවෙනවා. පොර හෙන කපටි වගේම දක්ෂ, පරණ නැවක් එක්ක එක එක සෙල්ලම් දාන මනුස්සයෙක්. ඒ කැප්ටන් තමා අපේ කතාවේ වීරයා ෆ්රෑන්ක් වුල්ෆ්. කොහොම හරි ෆ්රෑන්ක් වුල්ෆ් හොඳ ගාණකුත් නියම කරාට පස්සෙ වෘක්ෂය හොයාගෙන මේ දුශ්කර චාරිකාව යන්න කැමැති වෙනවා. ඉතිං ඇමසෝන්වල භයානක අත්දැකීම් එක්ක වුල්ෆ් තමන්ගේ බෝට්ටුවෙ ලිලී සහ සහෝදරයත් එක්ක පෞරාණික “සදෙහි කඳුල” සොයා යන සුපිරි වික්රමය තමයි කතාව පුරා ඇදිලා යන්නේ.