මේ කතාව කොතනින්ද පටන් ගන්නේ අපි ෂජීගෙන් පටන් ගමු. ෂජී (Tovino Thomas) කියන්නේ ඉඩම් හිමි වැවිලිකරුවෙක්ගේ පුතෙක්, නාස්තිකාරයෙක්. මනුස්සයා එයාගේ තාත්තාගේ ඒ කියන්නේ රවීන්ද්‍රන්ගේ (Lal) සල්ලි, ව්‍යාපාර කරනවා කියලා එක එක විදියට නාස්ති කරනවා. ඒ හින්දා තාත්තටත් ෂජී ගැන ඒ හැටි විශ්වාසයක් නෑ. නාස්තිකාරයෙක් උනාට ෂජිත් විවාහකයි. එක් දරු පියෙක්. බිරිඳ විද්‍යා (Divya Pillai). හුරතල් පුතා අප්පු එක්ක මේ සෙල්ලක්කාර ෂජී ජීවත් වෙන්නේ තමන්ගේ තාත්තාගේ ගෙදර. ගෙදර වගේම ෂජීගේ ජීවිතෙත් බලය පතුරවන් ඉන්නේ ෂජීගේ තාත්තා. ෂජීගේ ළඟම හිතවතා බ්ලැකී කියලා බල්ලෙක්. ෂජී වගේම අහංකාර ගරු ගාම්භීර විදයට ඉන්න බල්ලෙක්. මෙයත් මේ කතාවේ වැදගත්ම කොටසක්.
දවසක් ෂජීලගේ වත්තේ පුවක් කඩන්න දෙමළ කම්කරුවො පිරිසක් එනවා. එදා ෂජීගේ තාත්තට හදිස්සියේම ඉස්පිරිතාලේ පරික්ෂණ වගයකට යන්න සිද්ධවෙන හින්දා පුවක් කඩන වැඩ කටයුතු බලන්න සිද්ධ වෙන්නේ ෂජීට. මේ දෙමළ කම්කරුවො අතරේ ෂජීගේ පරණ තරහකාරයෙක් ඉන්නවා. ඇත්තටම මේ කථාව පුරාවට දිවෙන්නේ මේ දෙන්නා අතර සිදුවන ගැටුම. පරණ වෛරයක් පිරිමහන්න ෂජී හොයන් එන මේ කෙසග හාදයා ඇත්තටම යකෙක්. පූසන්ට පණ හයියයි කියලා කියනවානේ. මේ යෝධයගේ පණ ඊටත් වඩා හයියයි. ගලේ ගැහුවත් මැරෙන්නෙ නැති එකෙක්.
ගැටුමට හේතුව මොකද්ද? ගැටුමක් ඉවර වෙන්න ඕනේ සටන් කරන දෙන්නගෙන් එකෙක් මැරිලද? නෑ….නොහිතපු අවසානයක්!
Kala (2021) Sinhala Subtitles | සුනඛ වියරුව [සිංහල උපසිරසි]