අරුල්මුලි කියන්නේ ගමේ හැමෝටම උදව් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කාන්තාවක්,කොහොම හරි දවසක් ගමේ දේශපාලකයෙක් ඇවිල්ලා අරල්මුලිගෙන් ඉල්ලනවා මේ පාර චන්දෙට ඉදිරිපත්වෙන්න කියල,ඒකට හේතුව චිත්රපටිය බලද්දි දැනගන්න පුලුවන්,කොහොම හරි ගමට හොදක් කරන්න හිතාගෙන චන්දෙට ඉදිරිපත්වෙලා චන්දෙන් ජය ගන්නවා අරල්මුලි…ඒත් එතනින් පස්සේ තමයි අරල්මුලිට තේරෙන්නේ මේහි කොච්චර දූෂන වංචා වෙනවද කියල,ගමේ හිටපු දේශපාලකයා කියන දේවල් කරන්න අකමැති වෙන අරල්මුලිව මරන්න තීරනය කරනවා මේ දේශපාලකයා..මේ වෙද්දි දරුවෙක් ලැබෙන්න ඉන්න අරල්මුලිව මහා පාර මැදම ගිනි තියන්නෙ කිසිම හිතක් පපුවක් නැති මැරයෝ පිරිසක්,තමන්ගේ ජීවිතය නැතිවුනත් තමන්ට ලැබෙන්න ඉන්න දරුවගේ ජීවිතේ හරි බේරගන්න සටන් කරන අරල්මුලි ඒ ලග තිබ්බ ගගකට පනිනවා..සිරුරෙන් බාගයක්ම පිච්චිලා ඒ වේදනාවෙන් ඉන්න අරල්මුලිව අහල පහල හිටිය අය ඉස්පිරිතාලෙට අරගෙන ගියත් ජීවිතෙ අන්තිම මොහොතේ ඉන්න අරල්මුලිගේ ඉතිරි පොඩි කාලය කෙසේනම් විසදෙයිද කියල බලන්න අරගෙන බලන්න Kodiyil Oruvan (කෝටියකින් කෙනෙක්)