එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. මහා බයානක ශක්තියක් තියෙන ආත්මයක්, කිසිම බලවේගයකට යටත් කර ගන්න බැරි ආත්මයක්, ඉතින් මේ නපුරු බලවේගය මිනිසුන්ට අනාගතේදි ගොඩක් කරදර කරයි කියල මිනිසුන්ගෙ සුබ සිද්දිය වෙනුවෙන් එක පූජකයෙක් තම ශක්තිය යොදාගෙන තම ජීවිතය පූජ කරල ඒ නපුරු ආත්මය විනාශ කරනව. ඒත් හැමෝම හිතුවෙ ඒ ආත්මය විනාශ උනා කියල. ඉතින් ඒ නපුරු ආත්මය එයාගෙ සම්පූර්ණ ශක්තිය යොදල කොහේදෝ දරුවෙක්ව ජාතක කරනවා. ඉතින් ඒ දරුව අනාත නිවාසයක ඉන්න කොට එක පවුලක් එයාව හදාගන්න අරන් යනවා. එතනින් එහාට ලොකු විනාශයක් වෙන්නෙ. ඉතින් මේ භූත දරුව කොහොමද පලි ගන්නේ කියල බලන්න. ඒ නපුරු ආත්මය විනාශ කරන්නේ කොහොමද කියල බලන්න ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා.