බ්‍රැන්ඩන් ලීගේ සිනමා දිවිය තුළ රඟපෑමට හැකිවූයේ සිනමාපට හතරක පමණයි. ඒවා නම්, Legacy of Rage (1986), Laser Mission (1989), Rapid Fire (1992), The Crow (1994) යන සිනමාපටයි. ඔහු මරණයට පත් වූයේ The Crow (1994) සිනමාපටයේ රූ ගත කළ දර්ශනයක් අතර වාරයේදීයි. ඒ මාරාන්තික දර්ශනයේදී, අඩි දොළහක පමණ දුර සිට ඔහුට රිවෝල්වරයකින් වෙඩි තබා ඇත. බ්‍රැන්ඩන් ලී ට වෙඩි තැබුවාට පසුව ඔහු ඇද වැටී ඇත්තේ නියමිත පරිදි ඉදිරියට නොව පසුපසටය. අධ්‍යක්ෂකවරයා “කට්” කී විට, ලී නැඟී නොසිටි අතර කාර්ය මණ්ඩලය සිතුවේ ඔහු විහිළුවක් කරන බවයි. පසුව පරීක්ෂා කළ විට දැක් ඇත්තේ ලී සිහිසුන්ව ඇති බවයි. මේ මාරාන්තික තුවාල ලැබූ දර්ශන සියල්ලම පාහේ රූගත වී ඇති අතර ඇමරිකාවේ, උතුරු කැරොලිනාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ලී වහා ගෙන යනු ලැබීය. ඔහුව බේරා ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වූ අතර පැය හයක හදිසි ශල්‍යකර්මයකින් පසු එදිනම ලී මිය ගිය බව ප්‍රකාශ විය. මෙම වෙඩි තැබීම නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවූ අනතුරක් බවට තීරණය විය. ලී ගේ මරණයද ඔහුගේ පියාගේ මරණයට සමාන කුමන්ත්‍රණයක් ලෙසටද සැකයට භාජනය විය. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්හි, ලේක් වීව් සුසාන භූමියේදී ලීගේ දේහය, ඔහුගේ පියාගේ සොහොන් ස්මාරකය අසලම තැන්පත් කරන ලදී. 1993 අගෝස්තු මාසයේදී, ලීගේ මව, ලින්ඩා විසින් තම පුතාගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත්කම හේතුව ලෙස දක්වා, චිත්‍රපට නිෂ්පාදකයින්ට එරෙහිව නඩුවක් ගොනු කළාය. මෙම නඩුව මාස දෙකකට පසුව සමාජයට හෙළි නොකළ කොන්දේසි යටතේ සමථයකට පත් විය.