අපේ කතා නායකයා එහෙමත් නැත්නම් රේවන්ත් කියන්නේ පන්ති බේධය නිසා පොඩි කාලෙ ඉඳන් බැටකාපු කොල්ලෙක්. ඉගෙනීමට වඩා නර්ථනයට පොඩිකාලේ ඉඳන් ආසා කරපු රේවන්ත් තරුණවියට ආවාට පස්සේ බැංගලෝ්ර් වලට ඇවිත් තමන්ගේම කියලා ඩාන්සින් සෙන්ටර් එකක් දාගන්නවා. ඉතින් එකෙන් ජීවිතේ ගැටගහගෙන හිටිය රේවන්ත්ගේ අල්ලපු ගෙදරට කෙල්ලෙක් එනවා. ඒ තමයි මෞනි. ඉංජිනියරින් කරලා තියෙන මෞනි නගරෙට එන්නෙත් රස්සාවක් හොයාගෙන. හැබැයි ඉතින් රස්සාවක් හොයාගන්නත් ලේසි වෙන්නේ නෑ. කොහොමින් කොහොමහරි මෞනි රේවන්ත්ගේ ඩාන්සින් සෙන්ටර් එකත් එක්ක එකතු වෙනවා. ඉතින් කාලයක් යද්දී මේ දෙන්නා අතර ආදර පලහිලවුවක් ඇතිවීගෙන එනවා. හැබැයි ඒකත් එක්කම ප්රශ්නයකුත් ඇතිවීගෙන එනවා. ඉතින් කුල බේධයත් එක්ක කැටිවුන මේ ප්රශ්නයත් එක්ක ගොඩක් ප්රශ්නවලට මුහුණපාන්න මෞනිට සහා රේවන්ත්ට සිද්ධ වෙනවා. එහෙනම් කතාව ගැන යම්කිසි අදහසක් එන්න ඇති කියලා හිතනවා. සම්පූර්ණ කතාවම මොනවගේ ගලාගෙන යනවාද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.