කතාව ගැන කියනවා නම්, තමිල්නාඩු ප්‍රාන්තයේ චූරංගුඩිය කියලා දුෂ්කර ගමක් තියෙනවා. මලපහ කරන්න වැසිකිලියක් නැති උනාට, මේ චුරංගුඩියේ ඉන්නේ පුදුම මාන්නයක් තියෙන මිනිස්සු. චූරංගුඩිය කියන ගම උතුරු, දකුණු විදියට බෙදිලයි තියෙන්නේ. උතුරේ මිනිස්සුන්ට දකුණේ අය පෙන්නන්න බෑ. දකුණේ අයටත් උතුරේ අය වහකඳුරු වගේ. මේ දෙපැත්තටම අපක්ෂපාතිව ගම් දෙකම මෙල්ල කරන් ඉන්න මනුස්සයා තමයි ගම් සභාපති. ගම් සභාපති උතුරෙනුයි දකුණෙනුයි භාර්යාවන් දෙන්නෙක් සහේට අරන් ගම් දෙකම සමබර කරන් ඉන්නවා වගේම දකුණේ නෝනටයි උතුරේ නෝනටයි දෙන්නටම ගම් සභාපතිට දාව පුතුන් දෙන්නෙක් ඉන්නවා.
ස්මයිල් කියන්නේ චූරංගුඩියේ ජීවත් වෙන කුලහීන අනාත මනුස්සයෙක්. ස්මයිල් ගම් දෙකටම පොදු කෙනෙක් කිව්වොත් හරි. ඒ් මොකද ස්මයිල් තමා ජාති ජන්මේ හොයන්නේ නැතිව රැවුල කපන, කොණ්ඩේ කපන බාබර්. ඒත් ස්මයිල් කියන්නේ චූරංගුඩිය ගමේ අයට කුලහීන බැලමෙහෙවරකම් කරන මනුස්සයෙක් විතරයි. චූරංගුඩියේ තැපැල් කන්තෝරුවට අලුතෙන් ආපු තේන්මොලි නෝනා ස්මයිල්ගේ දෛවය වෙනස් කරනවා. නමක් ගමක් අනන්‍යතාවයක් නැති ස්මයිල්ට තේන්මෝලි නෝනාගේ පිහිටෙන් නෙල්සන් මැන්ඩෙලා කියන නම වගේම ලොකු වටිනාකමක් ලැබෙනවා. ඊට පස්සේ තමයි මේ කතන්දරේ පටන් ගන්නේ, චූරංගුඩිය ගම් සභාපතිගේ උතුරෙයි දකුණෙයි පුතාලා දෙන්නගේ ප්‍රාදේශීය පාලන ඡන්දෙට ඉදිරිපත් වෙනවා. මේ ඡන්ද ගැටුමේ ජයග්‍රහණය තීරණය කිරීමේ වාසනාවන්ත ඡන්දය හිමිවෙන්නේ මේ මැන්ඩෙලාට. ඒක වාසනාවක්ද අවාසනාවක්ද කියලා දැන ගන්න මැන්ඩෙලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
Mandela (2021) Sinhala Subtitles | මැන්ඩෙලාගේ මනාපය [සිංහල උපසිරසි]