කතාව ගැන කෙටියෙන් කියන්නම්. ඉක්වෙස්ට්රියා කියන්නේ පෝනියෝ ජීවත් වෙන ලෝකයක්. පෘථිවියක්. මේකේ පෝනි වර්ග තුනක් ඉන්නවා, පෘථිවි පෝනියෝ, යුනිකෝන් සහ පෙගසායි. සනී කියන්නේ වෙනස් අදහස් තියෙන පෘථිවි පෝනියෙක්. පෘථිවි පෝනියෝ විශ්වාස කරන විදියට, අනිත් පෝනි දෙවර්ගයම එයාලාගේ සතුරෝ. ඒ නිසා, එයාලාව හමුවෙන්වත් බෑ. නමුත්, සනී සහ ඇයගේ තාත්තා විශ්වාස කරන්නේ, සියළුම පෝනි වර්ග එකතු වෙලා සාමයෙන් මිත්රත්වයෙන් ජීවත් විය යුතු බවයි. එක දවසක්, පෘථිවි පෝනියෝ ජීවත්වෙන පැත්තට යුනිකෝන් කෙනෙක් පැමිණෙනවා. පෘථිවි පෝනියෝ මොකක් කරයිද? සතුරන්ට විරුද්ධව ගෙනියන සටන කොයිවගේද? සනීගේ අදහස් වලට ලැබෙන තැන කොයි වගේද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්රපටිය රසවිඳින්න! ජයවේවා!!