මේ කතාවට ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නේ සාන්යා මල්හෝත්‍රා. Dangal, Pataakha, Badhaai Ho, Photograph, , සකුන්තලා දේවි, Ludo වගේ වෙනස් නිර්මාණ වලින් අපිව පිනවපු සාන්යා Pagglait එක්කත් ඒ සහතිකය නියමෙට රැකගන්නවා. මීට අමතරව කවදත් ස්වභාවික රංගනයකට උරුමකම් කියන ආශුතෝෂ් රානා, ශීබා චඩා, සයනි ගුප්තා වගේ අයත් සහය චරිත වලින් දකින්න පුළුවන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ උමේෂ් බිස්ට් විසින්.
නම මතක තියාගන්න. මිනිහා වැඩකාරයෙක් වගෙත්. එතකොට මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ කවුරුත් දන්න බලාජි ෆිල්ම්ස් එහෙමත් නැත්තම් එක්තා කපූර් විසින්. Pagglait මේ වෙද්දි ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.1ක අගයක් සටහන් කරගෙන තියෙන්නේ මනාප 2500+ සංඛ්‍යාවකින්. ඒ වගේම තමයි කවුරුත් දන්න අර්ජිත් සිං මේ චිත්‍රපටියත් එක්ක Music Composer කෙනෙක් විදිහට කලඑළි බහිනවා. ඔන්න, ඒ කියන්නේ මේ ඇල්බම් එක ගැනම වෙන මුකුත් කියන්න ඕන නෑනේ නේද? ඉතින් මේ කවුරු කවුරුත් එකතු වෙලා කිසිම විචාරකයෙක්ට මේ චිත්‍රපටිය වෙනුවෙන් තමන්ගේ අප්‍රසාදය දක්වන්න නම් ඉඩක් තියලා නැති බව තමා පේන්නේ. කාලෙකින් හැබෑ ඉන්දියන් රසය දුන්නු නිර්මාණයක්. අන්තිමට කියන්න තියෙන්නේ මේ ආරාධනාව පිලිඅරගෙන බලන්න කියලයි.
Pagglait (2021) Sinhala Subtitles | කනවැන්දුම් පෙම්බරීද මං..? [සිංහල උපසිරසි]