Venky Atluri ගේ අධ්‍යක්ෂණයෙන් පිදෙන Rang De රොමෑන්ටික්-කොමඩි චිත්‍රපටය Sithara Entertainments බැනරය යටතේ Suryadevara Naga Vamsi ගේ නිෂ්පාදනයක්. මහානතී චිත්‍රපටය වෙනුවෙන් ජාතික සම්මානයෙන් පිදුම් ලද කීර්ති සුරේෂ් සමගින් නිතින් මෙහි ප්‍රධාන චරිතයන් වර්ණවත් කරනු ලබනවා. එමෙන්ම මෙහි සිනමාකරණය ප්‍රවීණ සිනමාකරණ ශිල්පී P. C. Sreeram අතින් සිදුවන අතර වෙන්කි අත්ලූරීගේ පෙර චිත්‍රපට සංගීතවත් කල S.Thaman වෙනුවට මෙවර වෙන්කි ප්‍රථම වරට රොක්ස්ටාර් DSP නොහොත් Devi Sri Prasad සමග රන්ග් දේ චිත්‍රපටය සංගීතවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නවා. කීර්ති සුරේෂ් සහ නිතින්ට අමතරව සහය චරිත වෙනුවෙන් නරේෂ්, බ්රහ්මිජී, කෞශල්‍යා, වෙන්නිල කිෂෝර්, අභිනව් ගොම්තම් යන ශිල්පීන්ද මෙහි කටයුතු කරනු ලබනවා. 2019 වැඩ කටයුතු ආරම්භ වී කොරෝනා උවදුර නිසා වරින් වර රූගතකිරීම් අත්හිටුවට සිදු වූවත් 2020 ඔක්තෝම්බර් වනවිට චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල අවසන් කරගැනීමට Rang De කණ්ඩායම සමත් වනවා.
Rang De (2021) Sinhala Subtitles | Upasiresi.com