කඳු නගින්න ගිහින් අනතුරකට පත් උන සෝ ජින්ට ආපහු සිහිය එද්දි තමන්ගේ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙනවා, අනතුරෙන් සුව උනත් සෝ ජින්ට පසුගිය කිසි දෙයක්වත්, කිසි කෙනෙක්වත් මතක නෑ, කොටින්ම එයාට තමන්ගේ සැමියවවත් මතක නෑ. දවසක් සෝ ජින්ට මෙයාලා ජීවත් වෙන මහල් නිවාසයේ සෝපානයේදී පොඩි ගෑණු ළමයෙක් හමබෙනවා. මේ ගෑනු ළමයා එක්ක කතා කරද්දි එකපාරටම මේ ළමයව පාරේදි වාහනෙකට හැප්පෙන්න යන දර්ශනයක් සෝ ජින්ට පෙන්නගන්නවා. මේ ගැන බලන්න මේ ගෑණු ළමයගේ පස්සෙන් යන සෝ ජින් දකින්නේ ඇයට පෙනුන විදියටම අනතුරක් සිද්ධ වෙන්න යනව බවයි. ඒ වගේම ඉස්සරහටත් එක එක පුද්ගලයන් ගැන විවිධ දර්ශන සෝ ජින්ට පෙන්න ගන්නවා. කුතුහලයට බාධාවක් වෙන නිසා මම වැඩිය කතාව කියන්නේ නෑ. සෝ ජින්ට මේ පේන්නේ මොනවද ? එයාගේ මතකයත් එක්ක මේ දර්ශන සම්බන්ධද ? ඇත්තටම ඇයට මේ අනතුර උනේ කොහොමද ? සෝ ජින්ට මේ ගැන හොයාගන්න පුළුවන් වෙයිද ? ඒ ඔක්කොටම පිළිතුරු මේ චිත්රපටයේ තියෙනවා.
