චිත්‍රපටය ගැන කිව්වොත් මේ කතාව දිවයන්නේ ඉහල වටිනාකමක් ඇති ඊජිප්තු කෞතුක වස්තු සොරකමේ යෙදෙන සොරුන් සහ ඔවුන් හඹා යන FBI සහ ජාත්‍යන්තර පොලිස් නිලධාරින් වටායි. කතාව ඇතුලෙ වෙන දේ මීට වඩා කියන්න අවශ්‍ය වෙයි කියලා හිතන්නෙ නැහැ මොකද චිත්‍රපටය ඊයෙ දිනයෙ අන්තර්ජාලයට නිකුත් වෙලා පැය 24ක් ගත වෙන්නත් කලින්ම සිංහල උපසිරැසිය ලබාදීලා තියෙන නිසා. එහෙමනම් ඉතිං බලලම ඉන්න මොකද වෙන්නෙ කියලා. ඒවගේම චිත්‍රපටය අවසන් වෙන විදිහත් එක්ක මේකෙම දෙවැනි චිත්‍රපටයක් බලන්නත් ලැස්ති වෙලාම ඉන්න.