70 දශකය කියන්නෙ කුංග්-ෆු, මාර්ෂල් ආර්ට්ස් පිලිබඳව ලෝකය පුරාම උන්මාදයක් පැතිරිලා ගියපු කාල සමයක්. මෙයට ප්‍රධාන හේතුවක් උනේ වෙන කවුරුවත් නෙමෙයි, අපි හැමෝම හොඳට දන්න කියන, සටන් කලාවෙ පුරාවෘත්තයක් වෙන බෲස් ලී. බෲස් ලී ගේ සටන් කලාවන් මිනිස්සු කොච්චර ආදරයෙන් වැලඳගත්තද කියනවානම්, මාර්වල් කොමික්ස් වලටත් අවශ්‍ය උනා මාර්ෂල් ආර්ට්ස් සහ කුංග්-ෆු සටන් කලාවන්ගෙන් පරතෙරටම ගිය සුපිරි වීරයෙක් සිය කොමික් රසිකයින්ට හඳුන්වා දෙන්න. මේ සිතුවිල්ලෙ ප්රථිඵලයක් විදියට තමයි Steve Englehart සහ Jim Starlin යන දෙදෙනා අතින් Shang-Chi කියන චරිතය නිර්මාණය වෙලා, 1973 දෙසැම්බර් මාසයෙදි Special Marvel Edition #15 තුලින් මුළු ලෝකයාටම මේ සුපිරි වීරයාව හඳුන්වා දෙන්නෙ. Master of Kung-Fu, Brother Hand, Commander Hand කියන නම් වලිනුත් Shang-Chi ව හඳුන්වනවා. ඒ වගේම, Shang-Chi කියන්නෙ Five Weapons Society, Avengers, Agents of Atlas, MI-6, Freelance Restorations, Marvel Knights, Heroes for Hire, Secret Avengers, Protectors, Underground කියන කණ්ඩායම් සමගින් වැඩ කල කෙනෙක්. Shang-Chi ගෙ සමීපතම සගයින් තමයි Clive Reston, Black Jack Tarr, Leiko Wu, Iron Fist, Sword Master කියන සුපිරි වීරයින්. දැන් අපි බලමු Shang-Chi ට තියෙන බලයන් සහ හැකියාවන් පිලිබඳව