කතාව ගැන කියනව නම් කැම්පස් එකක යාළුවො සෙට් එකක් යනවා ක්රොස්බි කියලා විලක් මැද තියෙන දූපතක නිවාඩුවක් ගත කරන්න. එයාලා විලේ සර්ෆින් කරන්න ගිය වෙලාවේ සර්ෆින් කර කර හිටපු මලික්ට මෝරෙක් පහර දෙනවා. මෝරා මලික්ගෙ අත කඩාගන්නවා.
ඊටපස්සෙ කට්ටිය මලික්ගෙ අත ආපහු සැත්කමකින් සවි කරන්න හිතාගෙන තුන් දෙනෙක් යනවා බෝට්ටුවේ මලික් එක්ක අතත් අරගෙන රෝහලක් හොයාගෙන. ඒ යද්දි මෝරෙක් ඒ බෝට්ටුවටත් පහර දෙනවා. ඉතිං තවත් කිව්වොත් කතාව වැඩක් නෑනේ. ලොකුම ප්රශ්නෙ තමා ක්රොස්බි විලට කොහොමද මෝරු ආවේ කියන එක. එහෙනම් ඒකයි, කී දෙනෙක් පණ බේරගනීද කියන එකයි ඔයාලම බලන්න.
Shark Night (2011) Sinhala Subtitles | මෝරුන්ට මැදි වූ නිවාඩුව [සිංහල උපසිරසි]