විද්‍යා බාලන් විසින් චිත්‍රපටයේ පණ පොවන්නේ විද්‍යා කියන චරිතයටමයි. ඇය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලාපීය වන සංරක්ෂණ නිලධාරිනියක්. වනජීවය රැකගන්න උපරිමයෙන්ම කැපවුණු කෙනෙක්. හදිසියෙම ඇයට ස්ථාන මාරුවීමක් ලැබෙනවා පිටස්තර ගම්මානයකට. ඒ අලුත් පත්වීම ඇයට ලැබෙන්නේ අභියෝග ගොඩක් එක්කයි. ඇය ඇවිල්ලා ටික දවසකින්, නිතරම කැලේ එක්ක ජීවිතේ ගෙවන මේ ගම්මානේ ගම්වැසියන්ගේ ජීවිත හදිසියේම වෙනස් වෙන්න ගන්නවා. එයාලගේ ජීවිතේ බයෙන් දෙගිඩියාවෙන් මිරිකෙන්න පටන් ගත්තේ කැලේ හිටිය කොටිදෙනක් ගම්පැත්තට සේන්දු වෙලා හැමෝගෙම ජීවිත වලට තර්ජනයක් වෙන්න ගත්ත දා ඉඳලයි. ගම්වැසියොයි කොටිදෙනයි අතරට මැදිවෙන විද්‍යා මේ ප්‍රශ්නයට මූණ දෙන්නේ කොහොමද කියන හැටි ශේර්නි සිනමාපටයෙන් දිගහැරෙනවා.