ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලිම නිසාම මේ ටැමිල් රොකර්ස් සීරීස් එකටත් සිනෙරු එකෙන් සිංහල සබ් එක අද ඉදල දෙන්න ගන්නවා. ටැමිල් රොකර්ස් කිව්වනම් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන විශේෂයෙන් ඉන්දියානු චිත්රපටි බලන අය හොදටම දන්න වෙබ් සයිට් එකක්. මේ වෙබ් සයිට් එකෙන් දෙන මූවීස් නිසා නිෂ්පාදකයින් සෑහෙන කරදරවලට මුහුණ දෙන්න සිද්ධවුනා. මේ නිසාම ටැමිල් රොකර්ස් වෙබ් සයිට් එක මැඩපවත්වන්න විවිධ අය එක් එක් ක්රියාමාර්ග ගන්න උත්සහ කලා. ඒ අනුව ලැබුණ පැමිණිල්ලක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් 2018 මාර්තු 18 වන දින මේ සයිට් එකට සම්බන්ධ 3න් දෙනෙක්ව අත් අඩංගුවට ගන්නවා. ඒකේ එක්කෙනෙක් ඒ සයිට් එකේ ඇඩ්මින් කියල සැක කරනවා. මේ අත් අඩංගුවට ගත් අයගේ තොරතුරු අනුව 23 මැයි 2019 දී කෝයම්බුතූර්වලදී තවත් ටැමිල් රොකර්ස් එකට සම්බන්ධ අයව අත් අඩංගුවට ගන්නවා. ඉන් පසුව මේ සයිට් එක වැසි ගියත් ඒකට සමගාමිව TamilMV හා Tamil Blasters කියල වෙබ් සයිට් දෙකක්ම කරලියට එනවා. ඉතින් ඕක තමයි ටැමිල් රොකර්ස් කතාව කෙටියෙන්.