ෂෝන්-බැප්ටිස්ට් මයර් කියන්නේ ජර්මානු රජයෙන් සම්මාන පවා ලබපු, කර්මාන්ත ශාලා හිමි ධනවත් ව්‍යාපාරිකයෙක්. මේ ව්‍යාපාරිකයා හෝටල් කාමරයක් තුළදී ඝාතනයට ලක්වෙනවා. ඝාතනය සිදුකරන ෆැබ්රිසියෝ කොලිනි වසර 30 කට වැඩි කාලයක් ජර්මනියේ ජීවත් වුණු, හොඳින් ජර්මන් කතා කරන, ඉතාලි ජාතිකයෙක්.
කැස්පර් ලයිනන් තවමත් ලොකු නඩුවකට කතා නොකරපු තරුණ නීතිඥයෙක්. තවම නීතිඥ විභාගය පාස් වෙලා මාස 3 යි. මයර් ගේ ඝාතනය ගැන කොලිනි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවේ කොලිනි වෙනුවෙන් නීතිඥයෙක් විදියට පෙනී ඉන්න උසාවියෙන් දැනුම් දෙන්නෙ කැස්පර්ට. මේ වෙලාවෙ කැස්පර්, ඉදිරි නඩු විභාගයේදී විත්තියේ නීතිඥයා විදියට කොලිනි වෙනුවෙන් පෙනී ඉන්න කැමතියි කිව්ව නිසා, උසාවියෙන් ඔහුව විත්තියේ නීතිඥයා විදියට පත් කරනවා. එළියට ආවට පස්සෙ තමයි කැස්පර් දැනගන්නෙ ඝාතනයට ලක්වුණු ෂෝන්-බැප්ටිස්ට් මයර් කියන්නේ ඔහු හාන්ස් මයර් නමින් දැනගෙන හිටි කෙනා බව. හාන්ස් මයර් කියන්නේ හරියට කැස්පර්ට තාත්ත කෙනෙක් වගේ. නමේ පටලැවිල්ල නිසා කැස්පර් නඩුවට පෙනී ඉන්න බාර අරගෙන තියෙන්නෙ තමන්ට සෑහෙන උදව් කරපු කෙනෙක්ව මරල දාපු මිනීමරුවා වෙනුවෙන්.
මියගිය හාන්ස් මයර් ගේ පුතා, ලේලිය හා කැස්පර්ගේ හොඳම යාළුවෙක් වුණු මුණුපුරා අවුරුදු 10 කට කලින් අනතුරකින් මියගිහින් නිසා, ව්‍යාපාර බාරගන්න ඉන්න එකම ඤාතියා මිණිපිරිය විතරයි. ඒ ජොහානා මයර්. ඇය එංගලන්තෙ ඉඳල සීයගේ මරණය නිසා ජර්මනියට එනවා. ඒ වගේම කාලෙකට කලින් ඇය සහ කැස්පර් අතරේ සම්බන්ධයකුත් තිබිල තියනවා. කැස්පර් නඩුව බාරගත්ත බව දැනගත්ත ගමන් ඇය කියන්නෙ කොලිනි වෙනුවෙන් පෙනී ඉන්න එපා කියල. ඒත් මේක කැස්පර්ට ලොකු නඩුවක් කියල මුලින්ම ලැබුණු නඩුව නිසා කැස්පර් ඒක අතාරින්නත් කැමැත්තක් නෑ.
නඩුව බාරගත්ත කැස්පර් වැටෙන්නේ ලොකු අවුලක. එක පැත්තකින් මේ පෙනී ඉන්නෙ තමන්ට ගොඩක් උදව් කරපු කෙනාගෙ මිනීමරුවා වෙනුවෙන්. අනිත් පැත්තෙන් පරණ පෙම්වතිය බලපෑම් කරනවා, තමන්ගෙ සීයව මරපු කෙනා වෙනුවෙන් පෙනී ඉන්නෙපා කියල. ඒ වගේම තමයි විත්තිකරු කොලිනි කැස්පර්ට කිසිම දෙයක් කියන්නෙත් නෑ. මයර්ව මැරුවද, නැද්ද? මැරුවා නම් ඇයි මැරුවෙ? මේ ඔක්කොටම කොලිනිගේ උත්තරේ නිහඬ බව විතරයි. වැඩේ තවත් අමාරු කරමින්, පැමිණිල්ල සඳහා රජය වෙනුවෙන් ඉන්න නීතිඥයාට අමතරව ජොහානා විසින් ඇයගේ පැත්තෙන් තව නීතිඥයෙක් ඉදිරිපත් කරනවා. ඒ කැස්පර්ගෙත් ගුරුවරයෙක් වුණු, නීතිය පිළිබඳ විශාරද දැනුමක් තියන, මහාචාර්ය රිචඩ් මටින්ගර්.
ඉතින් කැස්පර් මේ නඩුවට කොහොම මුහුණ දෙයිද? හාන්ස් මයර් තමාට කරපු උදව් ගැන හිතල, පරණ පෙම්වතියගේ ඉල්ලීම සලකලා නඩුවෙන් ඉවත් වෙයිද? නැත්නම් තමන්ගේ සේවාදායකයාගෙන් හරියට සහයෝගයක්වත් නැතුව ප්‍රබල නීතිඥයෙක් එක්ක හැප්පෙයිද? කොලිනි මයර්ව මැරුවද? මැරුවා නම් ඇයි මැරුවෙ?