මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ “ෂූම් හිල්ස්” නැමැති ප්‍රදේශයක තියෙන ගල් අගුරු පතළ් හා ඒ අවට ජනාවාස වලින්. ඒ අවට තිබුනු එක්තරා පතළක් එකපාරටම අසාමාන්‍ය විදියට පිච්චිලා ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි.ඒ අවට තිබුණු නගරයක මිනිස්සුත් හිටි හැටියෙ අතුරුදන් වෙලා තියෙනවා. ඉතිං ඒ ගැන වාර්තාවක් කරන්න යන විශ්වවිද්‍යාලයක වාර්ථා කරුවන් ටිකක් මුහුණ දෙන අතිශය බිහිසුනු සිදුවීම් පෙලක් වටා තමා මේ චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ.
ඒ වගේම මේ චිත්‍රපටයේ අවසානය නම් ටිකක් බලාපොරොත්තු සහගතයි. ඒ කියන්නෙ, මේකට පස්සෙ තවත් චිත්‍රපටයක් ඒවි කියලා හිතන්න පුලුවන් වෙන විදියෙ අවසානයක් තමා මේකෙ තියෙන්නෙ. කෙසේ වෙතත් මේ චිත්‍රපටය අද වෙනකොට imdb රේටිග්ස් 4.2 ක් පමණ ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයට adan cantro, will patton, alicia sanz වගේ ප්‍රවීන මෙන්ම ආදුනික නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තමා මේ චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වාම තියෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. මොනවයින්,මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. ඒ තරමටම කුතහලාමතකම මේ චිත්‍රපටය නිමවන්න අධ්‍යක්ෂක bradley parker කටයුතු කරලා තියෙනවා