කතාව ආරම්භ වෙන්නෙ නත්තල් දවසක ඉතා කුඩා ගම්මානෙක. ඉතින් මෙහි ඉන්නවා ඉංග්වාර් සහ මරියා කියලා ජෝඩුවක්. මේ දෙන්නම ගොවිතැන් කටයුතු කරගෙන ඉන්න කට්ටියක්. කොහොමහරි මෙයාලගෙ ඉන්න බැටළුවෝ අතරේ අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ මෙතැන ඉන්න රංචුවෙන් එක බැටළු මවක්, අමුතු බැටළුවෙක්ට උපත දෙනවා. අමුතුයි කියන්නෙ හයිබ්‍රිඩ් වගේ ජාතියක්. ඔයාලට ඒක කතා බලද්දී තේරෙයි. කොහොමහරි ළමයෙක් නැතිව ඉන්න මෙයාලා මේ හයිබ්‍රිඩ් බැටළු ළමයව අරං හදාගන්නවා. නමුත් අම්මෙක්ට තමන්ගෙ දරුවා නැතිව ඉන්න බැහැනෙ. ඒක මනුෂ්‍යයින් වන අපිට නෙමේ ඕනෑම සත්වයෙක්ට පොදු දෙයක්. අන්න ඒ වගේ ඒ බැටළු අම්මා හැමදාම වගේ තමන්ගෙ මේ පැටියාව බලන්න උත්සහ කරනවා. අදෝනා දෙනවා. නමුත් මෙයාලා කරන්නෙ ඒ බැටළු අම්මාව පන්නා හරින එක. කොහොමහරි අන්තිමේදී මේ කරදරයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන වගේම තමන්ගෙ නොවෙන දරුවෙක් වෙනුවෙන් ඇති තණ්හාව නිසා ඒ බැටළු අම්මව මරියා ඝාතනය කරනවා. ඉතින් එහාට පස්සෙ මොකක් සිද්ධ වෙයිද? ඇත්තටම මේ ළමය කවුද? කොහෙන් ආපු කෙනෙක්ද? වැනි දේවල් බලාගන්න චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. නමුත් කියන්න ඕන රූපයෙන් බලන දේට වඩා යමක් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට කියන්න උත්සහ කරනවා කියලා.