කතාව දිගහැරෙන්නේ තරුණ වයසේ කිමිදුම් ශූරයෙක් පාදක කරගෙනයි. ඔහු තමන්ගේ මවගෙන් වෙන්වෙලා ජීවත් වන්නේ. හදිසි කාරණාවක් හේතුවෙන් මේ තරුණයාට තමන්ගේ මව බලන්න යන්න සිදුවෙනවා. ඒත් මව ජීවත් වෙන්නේ තවත් රටක. ඒ නිසා මේ තරුණයාට ලොකු චාරිකාවක් යන්න සිදු වෙනවා. ඒ අතරතුරදී ඔහුට හරිම අපූරු අමුත්තෙක් මුන ගැහෙනවා අහම්ඹයෙන්. මෙතැන් සිට තමයි කතාව ප්‍රේමණීය විදිහට දිගහැරෙන්න පටන් ගන්නේ.