ආදරෙන් කතා කරල සෙනෙහස දක්වනවට සතෙක් වුණත් කැමති. ඉතින් ඒ ආදර සෙනෙහස වෙනුවෙන් කෙනෙක් ඕනම දෙයක් කරන්න පෙළබෙනවා. ආදරය කරන කෙනෙක් වෙනුවෙන් ජීවිතය වුණත් පුදන්න මේ අරුම පුදුම සෙනෙහස නැතිනම් හැඟීම් කියන දේට පුලුවන්. ඉතින් මන් අද අරගෙන ආවේ ඒ වගේ ඒ වගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු කතාවක්. 2019 දි තිරගත කරන ලද Comedy, Thriller, Drama ගණයට අයත් IMDb අගය 5.1ක් අරගෙන තියෙන දේශපාලනය සම්බන්ධ වුණ චිත්‍රපටයක්. මහජන පක්ෂයේ නිර්මාතෘ කන්දසාමිගේ පුත් ප්රභාකරන් ව්‍යාවස්ථාදායක මන්ත්‍රීවරයෙක්. පක්ෂයේ මහ ඇමති කන්දසාමිගෙන් පසුව බලයට පත් වුණත් ප්රභාකරන් මහ ඇමතිව එයාගෙ දේශපාලන යටි මඩි ගැසීම් වලට බලහත්කාරයෙන් වගේ නම්මගෙන හිටියෙ. මහ ඇමතිටත් මේක මහ හිසරදයක් වෙලයි තිබුණෙ.
රාම දුරෙයි සර් ඔය අතර වෙනස්ම චරිතයක්, නිවුණ සාධාරණ හැමෝටම උදව් කරපු විශේෂයෙන්ම යාචකයන් තුරන් කිරීමේ පදනමකුත් හදාගෙන ජනප්‍රිය චරිතයක් වෙන්න ආශාවෙන් ජීවත් වුණ ප්රභාකරන් මන්ත්‍රීවරයා අනවසරයෙන් කරගෙන ගිය සර්කස් එකකින් තම බිරිඳ හා දරුවා අහිමි කරගෙන තනියම ජීවත්වුණ කෙනෙක් රාම දුරෙයි මහත්මා. ඉතින් රාම දුරෙයි, ප්රභාකරන් හා මහ ඇමතිවරයා අතර ඇතිවුණ මේ හැඟීම් සෙල්ලම කොයි වගේ එකක්ද ,ඒ සෙල්ලමත් එක්ක අවසානයේ ඉතුරු වෙන්නෙ පසු තැවීමක්ද කියල අපි බලමු.