පල්ලවී, සරීනා සහ දිව්‍යා කියන යාළුවෝ තුන්දෙනාට ඇමති පුතෙක්ගෙන් සහ එයාගේ යාළුවොන්ගෙන් වෙන අපරාධයක් ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. මේ තුන් දෙනා දවසක් පාර්ටියකට ගිහින් එද්දි එයාලා යන කැබ් එකේ ඩ්‍රයිවර් වාහනේ කැඩුන විදියට බොරු කරලා මේ කෙල්ලෝ තුන් දෙනාව විකුනන්න හදනවා. මේක ගැන ඉව වැටුන් හින්දම මෙයාලා මෙතනින් කොහොමහරි යන්න තමයි බැලුවේ. ඒත් එකපාරටම පල්ලවීගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් ඔතනින් යන ගමන් පල්ලවීව දැකලා වාහනේ නවත්තලා මෙයාලවත් එක්කන් යනවා යාළුවා එයාගේ යළුවොත් එක්ක යන්න ආපු රිසෝට් එකට. ඒත් මේ රිසෝට් එකේදි මහා කලබලයක් වෙනවා. මේ යාළුවෝ ටික කෙල්ලෝ තුන් දෙනාට අතවර කරන්න උත්සහා කරනවා. මෙතෙන්දි පල්ලවී ඇමති පුතෙක්ට ප්‍රහාරයක් එල්ල කරනවා අතවරයෙන් බේරෙන්න. මේ සිද්ධිය අල්ලගෙන ඇමති පුතා පල්ලවීගෙන් පලිගන්න නොයෙකුත් දේවල් කරනවා. පල්ලවී පැහර්ගෙන ගිහින් ලිංගික අතවර කරනවා, සරීනට රස්සාව නැති වෙනවා කොටින්ම එයාලට පාරකට බහින්න බැරුව යනවා. හැමෝම බලන්නේ වැරදි විදියට. මේ පලිගැනීමේ ප්‍රතිඵලයක් විදියට මේ ඔක්කොටම උසාවි යන්නත් වෙනවා. උසාවි ගියත් කෙල්ලෝ තුන් දෙනා වෙනුවෙන් පෙනී ඉන්න ලෝයර්ස්ලා කැමති වෙන්නේ නෑ. එතෙන්දි තමයි අසරණයන්ගේ යුක්තිය, සාධාරණය වෙනුවෙන් සටන් කරපු නීතිඥ මහත්තයෙක් ගැන කෙල්ලෝ ටික දැන ගන්නේ.
කවුද මේ නීතීඥ මහත්තයා? මේ නීතිඥ මහත්තයා කෙල්ලෝ ටික වෙනුවෙන් පෙනී ඉන්න කැමති වෙයිද? පල්ලවීලට යුක්තිය ඉටුවේවිද? ඇමති පුතාට සහ යාළුවොන්ට දඬුවම් ලැබෙයිද? ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියනවා.
Vakeel Saab (2021) Sinhala Subtitles | යුක්තියේ හඬ! [සිංහල උපසිරසි]