2004 වසරේදි ඉන්දියාවේ නාග්පූර් හි උසාවියක් තුලට කාන්තාවන් දෙසීය දෙනෙකු එකවරම ඇතුලු වී අපරාධකරුවකු ඝාතනය කිරීමේ සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් නිර්මාණය වූ මේ චිත්‍රපටය,අධ්‍යක්ෂණය කර ඇත්තේ Sarthak Dasgupta and Alok Batra විසිනි මෙය මොවුන්ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයද වේ. Amol Palekar,Barun Sobti,Rinku Rajguru,Flora Kaur Saini යන නළු නිලියන් විසින් ප්‍රධාන චරිතයන් හොබවන මේ චිත්‍රපටය Yoodlee Films ආයතනය විසින් නිෂ්පාදනය කොට සී5 Ott මාධ්‍ය ඔස්සේ මේ වසරේ අගොස්තු මස 20 දින නිකුත් කරන ලද්දකි.