දැන් අපි ෆිල්ම් එක පැත්තට යමු. ෆිල්ම් එක ගැන පොඩි සඳහනක් කෙරුවොත්, මේ චිත්‍රපටය කේන්ද්‍ර වී ඇත්තේ “පාංචාලිනාඩු” යන ග්‍රාමය සහා ඒ වටා වෙන එදිනෙදා සිදුවීම් දාමයකි. අවාසනාවට මෙම ග්‍රාමය නම් දරා ඇත්තේ හොරුන්ගේ වාසභූමියක් ලෙස වුවත් ඒ අතරවාරයේ පැමිණෙන ‘ඇලිස්’ නම් වූ තරුණියක් පාංචාලි ග්‍රාමයට පැමිනේ.තවත් කියන්නට ගියොත් එය රසවින්දනයට බාධාවක් වන නිසා ඉතුරු ටික ෆිලුම බලලාම හොයා ගන්න. Alice In Panchalinadu චිත්‍රපටය iMDb දර්ශකය 6.5 අගයක් ලබාගෙන තිබෙන ප්‍රථම වරට 2021 සැප්තැම්බර් මස 16 වන දින තිරගත වූ Thriller/ Horror යන කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එකත් කියලා කියන්න පුළුවන්. මෙම චිත්‍රපටය තුලත් මලයාලම් සිනමාවේ නිතර අපට දකින්නට ලැබෙන හුරුපුරුදු ප්‍රසිද්ධ නළු නිළියන් දකින්නට නොමැත. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන “ඇලිස්” චරිතයට රංගනයෙන් දායක වන්නේ “Kamya Ahlawat” වන අතර මෙය ඇය රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටයයි. විශේෂත්වය වන්නේ ඇය හින්දි නිළියක් වීමයි. තවද මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sudhin Vamattan විසිනි. කොහොම වුණත් පැය 1 විනාඩි 48ක් පුරාවට ලස්සනට දිගහැරෙන කතාවක් කියලා කියන්න පුළුවන්.