ඔන්න එහෙනම් අද අරගෙන ආවා ත්රිලර් හින්දි චිත්රපටයක්. නළුවා කවුද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොලිවුඩයේ රියල් ස්ටන්ට් මෑන් කිව්වොත් හරි ඉතින්. විද්යුත් ජාම්වාල්ගේ මේ වසරේ නිකුත් වුණු තවත් සාර්ථක චිත්රපටයක්. මේ වසරේ නිකුත් වුණ දෙවෙනි චිත්රපටය තමයි සනක් කියන්නේ. කොටින්ම කිව්වොත් හොලිවුඩ් ෆිලුමක අභාසයක්. කිඩ්නැප් හා ප්රාණ ඇපකරුවන් තියාගැනීම් වාගේ කතාවක් අන්තර්ගත බොලිවුඩ චිත්රපට අඩු ප්රමාණයක් තමයි නිකුත් වෙන්නේ. එයට හේතුව මොකක්ද දන්නේ නෑ, ඒත් ඒවගේ කතාවකට හොඳටම ගැළපෙන නළුවෙක් අරන් මේ චිත්රපටියෙන් කරන්න හදල තියෙන උත්සහය සාර්ථකයි කියල කියන්න පුළුවන්. ඒවගේම තවත් ලස්සන කරුණක් තමයි මේ චිත්රපටයේ නිළිය. රුක්මිනි මයිත්රා, බෙන්ගාලි රංගන ශිල්පිනියක් වන මැයගේ ප්රථම හින්දි චිත්රපටයයි සනක් කියන්නේ. ප්රථම චිත්රපටය වූවත් එයට නිසි ලෙස සාධාරණයක් ඉටු කරන්න ඇය අමතක කොට නොමැති බවක් අපිට පෙනේ. ඇයගේ වාසගම වන මයිත්රා කියන එක, චිත්රපටයේ අවසානයේ දෙබසක පෙන්නුම් කරයි. ඒ විද්යුත්ගේ චරිතයට ඇය පවසනවා, “මෙයාට මගේ වාසගම දෙන්න වෙලා තියෙන්නේ” කියල. මේකෙන් මොකක් හරි පෙන්නල තියෙනවද හිතන්න බෑ, ඒක මම ඔයාලටම හොයාගන්න ඉතුරු කරනවා.