මං ඔයාලට කතාව ගැන ටිකක් කියන්නම්, කයිල් කියන්නෙ පොඩි මට්ටමේ මත් වෙළෙන්දෙක්. එක දවසක් එයාට උසස්වීමක් ලැබෙනවා තොග වශයෙන් ආකන්සාස් ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා. එයාට ස්වින් කියල සහයකයෙකුත් ලබා දෙනවා. ඉතිං මෙයාලා පළවෙනි ලොකු වැඩේ කරන්න ආකන්සාස් වලට පිටත්වෙනවා. එහෙදි මෙයාලට මුණගැහෙනවා බ්‍රයිට් කියලා අඩවි වන නිළධාරියෙක්. එයා තමයි මෙයාලගෙ බොස් වෙන්නෙ. ඉතිං එයාගෙ නීති යටතෙ මෙයාලා වැඩ කරන්න පටන්ගන්නවා. කියන්න අමතක උනා. බ්රයිට්ටත් ඉන්නවා බොස් කෙනෙක්. එයාගෙ නම තමයි ෆ්‍රොග්. හැබැයි කයිලුයි ස්විනුයි කවදාවත් මෙයාව දැකලා නෑ. එයා කවුද කියන්න මෙයාලා දන්නෙ නෑ. ඉතිං ඔහොම ටික දවසක් වැඩේ කරගෙන යද්දි එක දවසක මෙයාලට වැඩක් බාර වෙනවා. වෙනදා වගේම කුඩු දීලා සල්ලි අරන් එන්න තියෙන්නෙ. කොහොමහරි බඩු දීලා සල්ලි ගත්තත් ඒ සල්ලි දීපු කෙනාගෙ මුනුපුරා මෙයාලට හොරෙන් පස්සෙන් එනවා.
Arkansas (2020) Sinhala Subtitles | ආකන්සාස් වල මත් ජාවාරම [සිංහල උපසිරසි]