ඉතිං මේ කොටස බලන්න නම් අනිවාර්යෙන්ම පළමු කොටස නරඹලා එන්න කියල ඔයාලට ආරාධනා කරන්න කැමතියි මම. මොකද එහෙම නැතිවුනොත් එහෙම මේ වෙන දේවල් කිසිම දෙයක් හරියට තේරෙන එකක් නැහැ. කතාව ගැන වැඩි දෙයක් කියන්න බැහැ. මොකද ඇත්තටම මේකේ කතාව කිව්වොත් එහෙම බලනකොට විදින්න ලැබෙන කුතුහලය එහෙම පිටින්ම නැතිවෙලා යන්න ඉඩ තියෙන නිසා.
සුපුරුදු පරිදි සැමියා සහ බිරිඳ වන අධ්යක්ෂක John Krasinski සහ ප්රධාන නිළිය Emily Blunt සංකලනය මෙවරත් ඔබට අත් දකින්න ලැබේවි. ඊට අමතරව පීකි බ්ලයින්ඩර්ස්ලගේ යක්ෂයා Cillian Murphy, Noah Jupe, Millicent Simmonds එකතු වෙනවා ප්රධාන වශයෙන්.
A Quiet Place Part II (2021) Sinhala Subtitles | Upasiresi.com