ඉතින් මේ කතාව පටන්ගන්නෙ වසන්තය උදාවීමෙන්. වසන්තය උදා වෙනකොට මී මැස්සො වසන්ත උත්සවය පවත්වනව. මායා වේලාසනින්ම අවදි වෙලා, කම්මැලි විලීවත් කොහොමහරි කරලා කූද්දන්නෙ හිරු උදාව දැකගන්නයි. හැබැයි අනපේක්ෂිත විදිහට ඉර පායලා එක පාරට ආපහු එළිය නැතුව යනව. මේක මායාට හරි ප්රශ්ණයක්. මොකද හිරු උදාව නැතුව වසන්තය උදා වෙන්නෙත් නෑ. වසන්තය උදා නොවී, වසන්ත උත්සවය පැවැත්වෙන්නෙත් නෑ. මේ නිසා මායා තීරණය කරනවා විලී එක්ක එකතු වෙලා මේ ප්රශ්ණයත් හරි ගස්සන්න. හරි ගස්සන්න ගියාට මොකද හැමදේම වැරදිලා තමයි මේ පාරත් මායායි විලීයි ආපහු මී වදයට එන්නෙ…
ඉතින් මොකක්ද ඇත්තටම මේ පාර මායායි, විලීයි වරද්දගත්තේ? මේ පාර මී වදේ මොන කරදරේක වැටෙයිද? එතකොට කොහොමද මේ මාතෘකාවෙ තියෙන රත්තරන් ගෝලය කතාවට සම්බන්ධ වෙන්නේ? කොහොමවුණත්, මායාට පුලුවන් වෙයිද ඉර ආපහු ගෙන්නගන්න? මේ ප්රශ්ණ ටික ඉතිරි කරන්නම් චිත්රපටය බලලාම දැනගන්න.